පේරාදෙණිය-මොරටුව සරසවි ශාඛා මාලදිවයිනේ

පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල ශාඛා මාලදිවයිනේ පිහිටුවීමට එම රටේ ජනාධිපතිවරයා එකඟතාව පළ කොට ඇති බව නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා
පැවැසීය. අමාත්‍යවරයා සඳහන් කළේ ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ශාඛා පිටරටක පිහිටු වීමට ලැබීම, අපගේ අධ්‍යාපන මට්ටම ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීමට ලැබුණු අවස්ථාවක් බවයි. මහනුවර යහලතැන්න මුස්ලිම් විද්‍යාලයේ පැවැති ක්‍රීඩා උත්සවයේදී ඇමැති රවුෆ් හකීම් මහතා මේ බව
අනාවරණය කළේය.

මාලදිවයිනේ ජනපතිවරයා නොබෝදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ජනපති සහ අගමැති සමඟ පැවැති සාකච්ඡාවේදී තමා විසින් කරන ලද යෝජනාවකට අනුව මාලදිවයිනේ ජනාධිපති විසින් මෙම ව්‍යාපෘතිය සඳහා එකඟත්වය පළ කර මාලදිවයිනේ තනි දූපතක් ලබා දීමට පොරොන්දු වූ බවත් හකීම් මහතා පැවැසීය.

එහි සිටින ශිෂ්‍යයන් මුල් අවුරුදු දෙකේ මාලදිවයින් ශාඛාවෙන් අධ්‍යපන කටයුතු හදාරා අවසන් අවුරුදු දෙකේ ශ්‍රී ලංකාවට පැමිණ එම පාඨමාලාව සම්පූර්ණ කරන බවත් මෙමඟින් අප රටේ අධ්‍යාපන තත්ත්වය ජාත්‍යන්තර මට්ටමට නැංවීමට අවස්ථාව උදා වෙන බවත් අමැතිවරයා කීය.

-ලක්ෂ්මී ජයකොඩි-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment