කථන හා ශ්‍රවණ ආබාධිතයන්ටත් රියැදුරු බලපත්


ප්‍රධාන කොන්දේසි නවයකට යටත්ව මෙරට කථනාබාධිත හා ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු රියැදුරු බලපත්‍ර ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර තිබේ.
තමන්ට රියැදුරු බලපත්‍ර ලබාදීමට
අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් ඉහත කී ආබාධිත තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් පැවැති රජයන් කීපයකින්ම හා වත්මන් රජයෙන් කර තිබූ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට එම අවස්ථාව හිමිව ඇත.

එකී ආබාධිත තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන්ට අවශ්‍ය රියැදුරු පුහුණුව ලබාදීම සඳහා විශේෂිත විද්‍යුත් තාක්ෂණ පුහුණු යන්ත්‍ර 03ක් මේ වනවිට ජපානයෙන් මෙරටට ගෙන්වා තිබේ.  එම පුහුණුවෙන් පසු ඔවුන්ට සැහැල්ලු ත්‍රිරෝද රථ හා යතුරුපැදි සඳහා පමණක් රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමටද තීරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පවසන්නේ එම ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා එම වැඩපිළිවෙළ ආරම්භ කළ බවත් එකී රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට සුදුසු පුද්ගලයන් දහසක් පමණ සිටින බවත්ය. මාර්ගවල රථවාහන ධාවනය කරන සෙසු රියැදුරන්ට අවහිරයක් හෝ අසාධාරණයක් නොවන පරිදි මෙම ආබාධිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.


-කුමුදු උපුල් ශාන්ත-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment