වික්ටර්ගෙ පුතා ගායකයෙක් වුනේ නෑ- ජනාධිපති පුතාලත් එහෙමයි - චම්පික

ලංකාවේ පවතින තාත්තාගෙන් පුතාට යන දේශපාලනය සම්බන්ධයෙන් ඇමති චම්පික රණවක සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වා තිබේ. එහිදී ඔහු මෙසේ කියා ඇත.

ප‍්‍රශ්නය - ජනාධිපතිවරණය ගැන ඔබට බයක් නෑ
පිළිතුර - කිසිම බයක් නෑ. ජනාධිපතිවරණයේදී කුසලතාවට මුල් තැන දෙන දේශපාලනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අවශ්‍ය මතය හදනවා. රාජපක්ෂ පවුලේ විතරයි ලේ තියෙන්නේ, අනික් ඇඟේ ඇගේ දුවන්නෙ මඩ
කියලා කියන මුග්ධ මතය අපි පරාජය කරනවා. ඒ වගේම දූෂිත දේශපාලනයට දරුණු තිතත් අපි තියනවා. මම නිතර කියන දෙයක් වික්ටර් රත්නායකගේ පුතා ගීත ගායනා කළා. නමුත් ඔහුට වික්ටර් රත්නායක වෙන්න බැරි වුණා. මොකද සංගීත ක්ෂෙත්‍රයේ කුසලතාව ක්‍රියාත්මකයි.
ගාමිණී ෆොන්සේකා මහ නළුවගේ පුතා රඟපෑවා. නමුත් ඔහුට මහා තළුවා වෙන්න බැරි වුණා, අර්ජුන රණතුංග මහතාගේ පුතා ක්‍රිකට් ගැහුවා.
නමුත් ඔහුට අර්ජුන රණතුංග වෙන්න බැරි වුණා. මොකද ඔය හැම ක්ෂේත්‍රයකම කුසලතාව ප්‍රධානයි.
ලංකාවේ ඉන්න මහ කුවේරයන් දහ දෙනෙක් ගත්තොත් ඔවුන්ගේ තාත්තලා ධන කුවේරයෝ නොවෙයි. ව්‍යාපාරික ලෝකයෙත් ඒ කුසලතාව ප්‍රධානයි. නමුත් දේශපාලන ලෝකයේ එහෙම එකක් නෑ. ප්‍රාදේශීය
සභාවේ සිට ජනාධිපති ධුරය දක්වා අසවලාගේ පුතාට අසවලාගේ දූට අවස්ථාව දෙන්න ඕනෑ කියලා මතයක් තියෙනවා.

ප‍්‍රශ්නය - ඔබ කියන්නේ පුතාලා අසාර්ථකයි කියලා?
පිළිතුර - මම කියන්නේ ඒකම නොවෙයි. සමහරවිට අම්මා තාත්තාට වඩා දූලා පුතාලා ඉහල ගිය තැන් ලෝක දේශපාලන ඉතිහාසයේ තියෙනවා. නමුත් දේශපාලනය තුළ කුසලතාවට මගක් නෑ. මෙම මතය අපි බිඳ දානවා. මේ රට අද වෙළාගෙන තියෙන රාජපක්සලාගේ නූගත් පවුල්කාමය වෙනුවට කුසලතාව මත ඉදිරියට ඇවිත් රට පාලනය කිරීමේ අවස්ථාව ලබා දිය යුතුයි. ඒ සඳහා අපි කැප වෙනවා,

සාකච්ඡාව - ප්‍රසන්න සංජීව (ලංකාදීප)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment