එළඹෙන ජනාධිපතිවරණයේදී සිරිසේන ජනාධිපතිට පොහොට්ටු පාර්ශවයේ අපේක්ෂකත්වය ලබානොදුනහොත් තනිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස හෝ තරග කිරීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසා සිටින්නේ මීළඟ ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බවය.
එසේම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණත් එක්න ගොඩනගන සන්ධානයේ නායකත්වය අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාට ලබා දිය යුතු බව ද මන්ත්‍රීවරයා දැඩිව අවධාරණය කර සිටියි.
එම සන්ධානයේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු සේම ඉදිරි ජනාධිපතිවරණය සදහා එම සන්ධානයේ අපේක්ෂකත්වය ද මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදිය යුතු යැයිද ඔහු කියා සිටී.
එසේ නොවන්නේ නම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති ධුරයට වෙනම තරග කරන බව ද ඔහු පැවසීය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment