මගියෙකුට හාට් ඇටෑක් හැදී ලොව විශාලම මගී යානයක් කටුනායකට


ගුවන් මගියෙකුට හදිසියේම හෘදයාබාධයක් වැළදීම නිසා ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ඒ වනවිට ගමන් ගනිමින් තිබූ ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ – 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වන ලද බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා
ප්‍රකාශ කළේය.

අබුඩාබි සිට ඕස්ට්‍රේලියාවේ,
සිඩ්නි බලා ගුවන් ගනිමින් තිබූ ඊ.වයි.- 454 දරණ ඉටිහාඩ් ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය මෙලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබුණි.

මෙම ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි 29 හැවිරිදි රුමේනියානු ජාතිකයෙකුට මෙසේ මෙම හදිසි හෘදයාබාධය වැළදී තිබූ අතර, ඔහු කටුනායක ගුවන් තොටුපළ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමෙන් අනතුරුව, ගුවන් තොටුපළ ගිලන් රථයක් මගින් වහාම මීගමුව පෞද්ගලික රෝහලක් වෙත ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ.

ඒ අතර මෙම ගුවන් යානය සදහා රුපියල් අනූ හත් ලක්ෂ හැත්තෑ හතර දහසක් (97,74,000 ) ක් වටිනා ගුවන් යානා ඉන්ධන ලීටර් එක් ලක්ෂ හත්සිය හැටක් (100,760) ක් ලබා දුන් බව කටුනායක ගුවන් තොටුපළ ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

මෙම ගුවන් යානය තුළ මගීන් 443 ක් සහ කාර්යය මණ්ඩලය 21 ක් සිටියහ.

එහෙත් මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමේදී කාර්මික දෝශයකට ලක් වීම නිසා, යළි පිටත්ව යෑම අවලංගු කර, එහි සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය මේ වනවිට ගුවන් තොටුපළ අවට සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment