ඩුබායි හිරේ ඉද්දි මදුෂ්ගෙන් නිවසට කෝල් එකක්

ත්අඩංගුවට පත්වීමෙන් පසු ඩුබායිහි අබිහිල් අල්මුල්ලාප්ලාසාහි සිර මැදිරියක රැඳීසිටින පතාල නායක මදුෂ් ට හා කන්චිපාන ඉම්රාන් දෙදෙනාට
 ඔවුන්ගේ මෙරට පවුලේ සාමාජිකයන් වෙත ඇමතුම් ලබාගැනීමට අවශ්‍ය බව දන්වා ඇති අතර එම අවස්ථාවේ ඩුබායි බලධාරීන් එම අවසරය දී ඇත.
එම ඇමතුම් සියල්ල පටිගත වන අතර ඔවුන් කියන්නේ මොනවාදැයි පරිවර්තක සහායෙන් විමසුමට ලක්කරමින් ඒවා ලබාගන්නා අවසරය ලබාදී ඇත.

තම කල්ලියේ ප්‍රබලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ අවදානමක ප
සුවන නිසා ඔවුන් වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පොලිස්‌ අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් සහ කන්චිපාන ඉම්රාන් නමැති පාතාල නායකයන් දෙදෙනා ඔවුන්ගේ මෙරට පවුලේ සාමාජිකයන් වෙත දුරකථනයෙන් දැනුම් දී ඇති බව අනතුරුව එම ඇමතුම් නිරීක්ෂණය අනුව ලබාදුන් වාර්තාවේ දැක්වෙන බව ඩුබායි සිට ලැබෙන වාර්තා මගින් කියැවේ.

පෙරේදා (07 වැනිදා) මෙම අවස්‌ථාව ලබා දී තිබූ බවද වාර්තා විය. කෙසේ වෙතත් ඊයේ 6 මදුෂ්ගේ මාකඳුරේ නිවස වැටළීමේදී එම බිරිය මදුෂ් ඇමතූ බව පොලිසියට දන්වා නොතිබූ අතර තම දරුවා කෙසේ හෝ ගෙන්වා දෙන්නැයි බැගෑපත් ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව මදුෂ් ඩුබායි සිට ඇමතුවේ කවර බිරියකටද යන්න ගැන ගැටලුකාරී තත්වයක් මතුව තිබේ.

කෙසේ වෙතත් මදුෂ් කාන්තාවන් කිහිප දෙනෙකු ලංකාවේ සමීපව ඇසුරු කළ බවට සාක්ෂි පවතියි.
ඩුබායිහි සිටින මදුෂ්ගේ බිරිය මින් ඉහත මියගිය පාතාල නායකයෙකුගේ බිරිය බව කියැවේ. ඇයට අයත් යයි කියන මෝටර් රථයක් ඊයේ පාදුක්ක ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ බවටද වාර්තා තිබේ.
 මධුෂ් සහ කන්චිපාන ඉම්රාන් මෙරට පදිංචි හිතවතුන්ට දුරකථනයෙන් කතා කර පැවසූ දේවල් ඔස්සේ තවත් කරුණු අනාවරණය වනු ඇතැයි විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ වාර්තා කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment