මව මියගිය නයිවල ‘ඔක්ටොපස්‘ අනතුරින් දියණියත් මියයයි

https://www.gossiplankanews.com/2019/02/naiwala-accident-mother-daughter-died.html#more
වේයන්ගොඩ නයිවල‘නිව් සැනිරෝ ඩ්‍රීම් පැරඩයිස්‘ විනෝද උද්‍යානයේ අනතුර හේතුවෙන් ඊයේ මවක හා දියණියක බරපතල තුවාල ලැබීමෙන් මව මියගිය අතර අද උදෑසන වාර්තාවූයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි 13 හැවිරිදි දියණියද මියගිය බවයි.
කතුරු ඔන්චිල්ලාවක කොටසක් කඩා වැටීමේ සිද්ධියක් ලෙස මේ ගැන මුල් වාර්තාවල සඳහන් වූ නමුත් එය සත්‍ය ලෙසම කතුරු ඔන්චිල්ලා ලෙස හඳුන්වන ක්‍රීඩා උපකරණයක් නොවූ අතර ‘ඔක්ටොපස්‘ හෙවත් බූවල්ලා යනුවෙන් හඳුන්වන
උපකරණයකි.
බූවල්ලකුගේ හැඩයට වෙන් වෙන්ව ගාත්‍රා සවිකර තිබෙන එහි පෙටි 15 ක් පමණ වටේට සවි කර තිබෙන අතර මෙරිගෝ රවුන්ඩ් එකක් පරිද්දෙන් යන්ත්‍රය පණගැන්වූ පසු වටේට කරකැවුණ බව කියැවේ. එහි කැරකුම් වේගය වට කිහිපයක් යද්දී වැඩි වන අතර පහත තලයකින් කැරකීම ඇරඹී පසුව

අඩි කිහිපයක් ඉබේම ඉහළට ගොස් කැරකෙන බවද කියැවේ.
මව හා දියණිය අනතුරට පත්වන අවස්ථාවේ ඔවුන් සමග පෙට්ටි 15 න් 10 ක පමණ පිරිස් එහි ගමන් කිරීම සඳහා සහභාගී වී තිබී ඇති අතර මව හා දියණිය සමග දැරියගේ පියාද එම ස්ථානය අසළට පැමිණි මුත් පියා එයට එක් නොවී නරඹමින් සිට ඇත. (එහි ගමන් කිරීමට හැක්කේ දෙදෙනෙකුට බවද කියැවේ)

යන්ත්‍රය පුද්ගලයෙකු විසින් පණගන්වන අතර ඔහු එය පණගන්වා වට දෙකක් යද්දී වේගය වැඩිකර තරමක් ඉහළට පෙට්ටි එසැවී ගමන් කරන තුන්වන වටය ඇරඹී ඇති අතර ඒ සැණින්ම මව හා දියණිය සිටි පෙට්ටිය ගැලවී එතැනින් විසිවී ඇත. මෙම යන්ත්‍රය පිහිටුවා තිබෙන අට්ටාලයේ කනුවක ඉතා වේගයෙන් පෙට්ටිය වැදී ඇති අතර අනතුරට පත් දෙදෙනා එයින් එළියට වැටී ඇත.

කෙසේ වෙතත් නරඹන්නන් ඇතුළු වටපිට සිටි සියල්ලන් අනතුර දුටු සැනින් කෑගසා ඇති මුත් යන්ත්‍ර ක්‍රියාකාරු

එක්වරම එය නතර කර නැත. කරකැමෙන් තිබුණ ඔක්ටොපස් යන්ත්‍රෙය් අනෙක් පෙට්ටි අනතුර සිදුවූ දෙදෙනාගේ ඇඟේද වදිමින් ඉතිරි වට කැරකී ඇත්තේ එලියට වැටුන අයට තවත් තුවාල සිදු කරමිනි.

මහජන විරෝධය මැද ක්‍රියාකරු අවසානයේ යන්ත්‍රය නතර කර ඇත. කෙසේ වෙතත් අනතුරට පත් අය සම්බන්දයෙන්කිසිදු වගකීමක් ආයතනය දැරුවේ නැති බව මරණයට පත් අය සමග පැමිණි පියා මාධ්‍ය වෙත අදහස් පළ කළේය. පැය භාගයක් පමණ ගතවීමෙන් පසු දෙදෙනාව රෝහල් ගත කරන ලද්දේද පැමිණි අයගේ වෙහෙස මහන්සියෙන් බව ඔහු දන්වා සිටියේය.
ඊයේ (4) පෙරවරු 11 ට පමණ සිදුවූ අනතුරින්  දිස්නා ජානකී ගනේගොඩ නැමැති 47 වියැති මව ඊයේම මියගිය අතර ඇයගේ 13 හැවිරිදි දියණිය බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබියදී අද මිය ගියාය.

සිද්ධිය පිලිබඳ පූර්ණ පොලිස් පරීක්ෂණයක් මේවනවිට ආරම්භ කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ කතුරු ඔංචිල්ලාවේ ක්‍රියාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා මාධළු්‍ය වෙත කිවයා සිටියේ තමන් අනතුර සිදුවූ වහාම එය නතර කළ බවකි. එම පුද්ගලයා ආයතනයේ කළමනාකරු හිමිකරු ඇතුලු 6 දෙනෙකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment