සහතිකය දෙන්න පමා කළැයි ග්‍රාම නිළධාරීනියගේ දතක් කැඩෙන්න ගහලා

පදිංචි සහතිකය ලබාදීම ප්‍රමාද වූවා යැයි උරණව කැස්බෑව ග්‍රාම නිලධාරිනියකට වතුර බෝතලයකින් හා පුටුවකින් පහර දී පලාගිය බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.  පහර
දීමෙන් තුවාල ලැබූ ග්‍රාම නිලධාරිනියගේ දතක් කැඩී ඇති අතර ඇය කළුබෝවිල  රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

 කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයන් ගොරකාපිටිය අංක 584 ග්‍රාම නිලධාරිනිය වන එදිරිසිංහ ආරච්චිගේ දොන් කුමාරී කාංචනා මහත්මිය
හමුවට පැමිණ සිටි සැකකරු පදිංචි සහතිකයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

 එම පුද්ගලයාගේ හැඳුනුම්පත ලබාගත් ග්‍රාම නිලධාරිනිය ඡන්ද නාම ලේඛනයේ නම ඇතුළත්ව තිබේදැයි  පරික්ෂා කිරීමේ දි ඔහුගේ නමක් එහි ඇතුළත්ව නොමැති බවට හෙළි වී ඇතැයි පොලිසිය කියයි. එම පුද්ගලයාගේ නම ඡන්ද නාම ලේඛනයේ නොමැති බැවින් පදිංචි සහතිකය ලබිදීම ගැටලුවක් බව පැවසූ ග්‍රාම නිලධාරිනිය කවදුරටත් ඡන්ද නාම ලේඛනය පරික්ෂා කිරීමේදී ප්‍රමාද යැයි ග්‍රාම නිලධාරිනියට බැන වැදී ග්‍රාම නිලධාරිනියගේ මේසය මත තිබූ ඇයගේම වතුර බෝතලයෙන් ඇයගේ හිසට පහර දි හිඳ සිටි පුටුවෙන් පහර දී පලාගොස් තිබූ බව පොලිසිය කළ පරික්‍ෂණවල දී හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම පහරදීම සිදු කරන අවස්ථාවේ ග්‍රාම නිලධාරිනියගේ දස හැවිරිදි පුතා පමණක් එම ස්ථානයේ සිට ඇතැයි පොලිසිය කියයි.

-බණ්ඩාරගම බිමල් ගමන් ජයසිංහ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment