ලක්ෂ්මන් යාපයි පුතයි මදුෂ්ට උදව් කළ කතාව

https://www.gossiplankanews.com/2019/02/lakshman-yapa-pasanda-yapa-madush.html
ඩුබායිහිදී හසුවූ  පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්  සමඟ සමීප සබඳතා පවත්වමින් ඔහුව බේරාගෙන ලංකාවෙන් පිටතට යාමට පවා උදව් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ඔහුගේ පුත් පසඳ යාපා අබේවර්ධන බවට
ප්‍රකාශයක් කිරීම නිසා නඩු මගට එළැඹෙන බව අබේවර්ධන පවුල

වෙනුවෙන් නීතීඥ ලක්ෂිකා විතානගේ  එන්තරවාසි දෙකක් යොමු කර තිබෙයි.

ලක්ෂ්මන් යාපා හා පුතු පසඳ මදුෂ් සමග සමීප සබඳතා පැවැත්වූ බවට ජනමාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් තුළින් සිය කීර්තියට වූ හානිය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ජයමහ මහතාගෙන් රුපියල් මිලියන 900ක වන්දියක් අයකර දෙන ඇය ඉල්ලා ඇත.

 ඉකුත් 7 වැනිදා 'හිරු' රූපවාහිනි නාළිකාව ඔස්සේ විකාශය වූ 'බලය' නමැති රූපවාහිනි වැඩසටහනට සහභාගි වූ අමාත්‍ය නලින් බණ්ඩාර මහතා තම සේවාදායකයන්ගේ කීර්තියට හානි කර අසත්‍ය ප්‍රකාශ කිහිපයක් සිදු කර ඇති බව
එන්තරවාසියේ දැක්වේ.

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් නමැත්තා නිර්මාණය කොට ඇත්තේ තම සේවාදායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රිවරයා විසින් යැයිද මධුෂ් නමැත්තාට විදේශ ගතවීමට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍රය සකස් කිරීම තම සේවාදායකයන් දෙදෙනා උපකාර කළ බව ප්‍රකාශ කර ඇතැයිද එම එන්තරවාසියේ සඳහන් වේ.
මෙය පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බවත් ඒ තුළින් තම සේවාදායකයන් දෙදෙනාටත් ඔවුන්ගේපවුලේ සාමාජිකයන්ට දැඩි චිත්ත පීඩාවක් මානසික ආතතියක් මෙන්ම ඔවුන්ගේ කීර්තියට බරපතළ හානියක් සිදු වී ඇතැයිද එම එන්තරවාසි මඟින් පෙන්වා දී ඇත.


කෙසේ වෙතත් මේ ගැන නැවත සොයා බැලීමේදී හිරු ටීවී බලය වැඩසටහනේදී රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කිිසවෙුකගේ නමක් හෙළි නොකරන බවද අසන්නට ලැබේ. ඔහු එහිදී ඒ ගැන පවසා තිබුනේ මෙසේය.

'මදුෂ්ගේ ඉතිහාසය බලන කොට මදුෂ් නිර්මාණය කරන්නෙ කවුද කියන එකත් එක්ක පටන් ගන්න ඕන. දකුණේ මාතර දිස්ත්‍රික්කයේ මම නම් කියන්නෙ නෑ. හිටපු ඇමතිවරයෙක තමයි මදුෂ්ව නිර්මාණය කළේ. ඔහු ජාතික ආන්ඩුවෙත් රාජ්‍ය ඇමතිවරයෙක් විදිහට කටයුතු කළා.

මං වගකීම අරන් කියන්නෙ.නම කියන්නෑ මෙතන. එතකොට එහුට විදේශ ගතවෙන්න දැනට පාවිච්චි කරන පාස්පෝට් එක ගන්න උදව් කළේ ඔහු හෝ ඔහුගේ පුත්‍රයා. එතකොට අපි දැක්කා ඔහු උත්සාහ කළා. ඒ ඇමතිවරයාගේ පුතාගේ මංගල උත්සවයට එන්න. ඒ අවස්තාවෙදි පොලිසිය රැකවල්ලා සිටියා. සියලුම අවධානයෙන් හිටියා එතැනදි අත්අඩංගුවට ගන්න.මේක ඉව වැටිලා කොහොමහරි මග ඇරුනා අපට. ඊට පස්සෙ ඔහුගෙ පියාගෙ මළගෙදර සිද්ධ වුණා. ඒ අවස්තාවෙත් ඔහු ඒම මග ඇරියා අපි බොහොම තද විදිහට මේක ක්‍රියාත්මක කළ නිසා.
කොහොමහරි එහෙම තමයි ඇතිදැඩි වුනේ. මහ ලොකු චරිතයක් නෙමේ. නමුත් දේශපාලන සහය නිසා තමයි ඔය ප්‍රබල තැනට ආවේ.'

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment