ධනංජි තාරුකා විවාහ ගිවිසගනී


ටෙලි නාට්‍ය නිළි ධනංජි තාරුකා අද (14) විවාහ ගිවිසීමට නියමිතය. ඇය සිය විවාහය ගැන ගුවන් විදුලි නාලිකාවකට මෙසේ පවසා තිබේ.

'එයා සුදම් දෙව්නක වීරනායක. ටෙලි නාට්‍යක්

ෂූටින් කරන්න ගිහින් තමයි එයාව හදුනා ගන්න ලැබෙන්නේ.
අපි ෂූටින් කරපු ගෙදර එහා ගෙදර තමයි එයා හිටියේ. අපේ කණ්ඩායම එක්කම එයා හිතවත් වුණා.
කතාබහ කළා.මගෙත් එක්කත් කතා කළා. පස්සේ අපි දුරකථන අංක හුවමාරු කරගත්තා. ඊට පස්සේ
යාලුවෙක් විදිහට අවුරුදු 3ක් විතර ආශ්‍රය කළා. ඊට පස්සේ තමයි ප්‍රේමවන්තයින් වුණේ.අවුරුදු
එකහමාරක් ආදරය කළා. විවාහය කියන්නේ ලොකු බැදීමක්. වගකීමක්. ඒ දේට එයා සුදුසු කෙනෙක් කියලා
හිතුනු නිසයි විවාහ වෙන්න තීරණය කළේ. විවාහ උත්සවය නම් තවම සැලසුම් කරලා නැහැ. මම විවාහ වෙන බෝයිගේ තාත්තා ඉන්නේ විදෙස් රටක. තාත්තා ලංකාවට එන දවස් බලලා තමයි වෙඩින් එක කරන හිතාගෙන ඉන්නේ. මේ අවුරුද්දේ වෙන්නත් පුළුවන් ලබන
අවුරුද්දේ වෙන්නත් පුළුවන්.'
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment