ආණ්ඩුව හරියට කරේ නෑ - ජාතික දිනයේ මෛත්‍රී තම රජය පතුරු ගසයි


අද (4)පැවති ජාතික දින උත්සවයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන පැවැත්වූ කතාවේදී රජයේ සංවර්ධන වැඩසටහන් දුර්වල බවට විවේචන සිදු කෙරිණි. එසේම ජාතික ආණ්ඩු යෝජනාවට තමන් අකමැති බවද දන්වා සිටින ලදි.

" ආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස අපට නොහැකි වුණා. තවදුරටත් මන්දගාමී ආර්ථික වර්ධනයකට ජනතාව සූදානම් නෑ. ආර්ථික වර්ධනය සඳහ අධ්‍යාපනය 21 වැනි සියවසට ගැලපෙන
ලෙස ස්ථාපිත කළ යුතුයි. නව ආර්ථික සංකල්ප ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි.ආර්ථික වර්ධනය අතින් 21 වැනි සියවසේදි ආසියාව ඉදිරියෙන් තිබෙන හෙයින් එහි වාසිය ඇති කර ගත යුතුයි. ජාතික ආණ්ඩුවෙන් බොහෝ දේ ලබාගත්තා. නොකළ යුතු දේ කළා. බලයට පත්වූ ආණ්ඩුව ජනතා අපේක්ෂාවෙන් ඉටු කළේ නෑ.
පාර්ලිමේන්තුව පිරිහිණා.පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළා.
සැඟවූ පිහි පෙන්නුවා. සමාජයේ පිරිහීම පාර්ලිමේන්තුවෙන් පෙන්වන බව ජනතාව සඳහන් කරනවා.
ණය බර විරැකියාව වැඩිවෙලා. ප්‍රශ්ණ මුහුකරා ගොස් තිබෙනවා.
පළාත් සභා විසුරුවලා අවුරුද්දකට වැඩියි. පුනරාවන්තන හා ප්‍රාග්ධන වියදම් උඩුයිටිකුරැ කළ යුතුයි. පළාත් සභා කල් දැමීම ගැන Ngo නිහඬයි.
එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කොතරම් සදාචාරක කියා මා කියනවා. යෝජිත ජාතික ආණ්ඩුවට මා තරයේ විරුද්ධයි. ඇමති මණ්ඩලය 25 දක්වා සීමා වීම ජනතාවගේ ප්‍රාර්ථනාවයි. ජාතික ආණ්ඩුවකට යන්නේ ඇමති මණ්ඩලය වැඩිකිරීමටයි.
ජනගහනයෙන් 50%ක් සාපේක්ෂ දරීද්‍රතාවයක ඉන්නේ. ආර්ථික ජවාරම්කරුවන් විසින් ශ්‍රි ලංකාව මත්කුඩු ජාවාරමේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත්කර තිබෙනවා.
පරිසර සංරක්ෂණය අපේ අත්පොත විය යුතුයි. දශක ගණනාවක් අප කර තිබෙන්නේ ඥාති සංග්‍රහය හා බඩ වඩා ගැනීමේ දේශපාලනයයි.
මත්කුඩු ජාවාරම, පාතාලය ඇතුළු කළු ආර්ථික කටයුතු අප පරාජය කළ යුතුයි. තරුණ පරපුර නවෝත්පාදනයට හුරුකරවිය යුතුයි.‘



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment