රේගු වර්ජනය දැඩි වෙයි.


රේගු වෘත්තීය සමිති ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළකරමින් හෙට(05) දිනයේ කන්ටේනර් ප්‍රවාහනකරුවන්ගේ සංගමය සහ වාප්පු ලිපිකරුවන්ගේ සංගමය එක් වනබව ප්‍රකාශ කර තිබේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී. එස්. එම්. චාල්ස් මහත්මිය වෙනුවට  විශ්‍රාමික රියර් අද්මිරාල් ශමාල් ප්‍රනාන්දු මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කිරීමට විරෝධය පළකරමින් රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේය. මේ වනවිට වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භවී දින 6ක් ගතවී ඇති අතර පිළිගතහැකි විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු කර නැත. වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගුවට ලැබිය යුතු අදායම 65%ට වැඩි ප්‍රමාණයකින් පහත බැස ඇත.

මීට අමතරව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් වසා තැබෙන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සහ තොග වෙළදුන්ගේ සංගමය පවසයි.

ඔවුන් මීට පෙර මාද්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ රේගු නිලධාරීන්ගේ වර්ජනය හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිගයක් ඇතිවිය හැකි බවත්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment