යෝජිත ජාතික ආණ්ඩුවට ජනපති විරුද්ධ වෙයි.


ආරක්ෂක ආමාත්‍යාංශය යටතට මෑතකදී එක්වූ පොලීසියට හා පොලිස් විශේෂ කාර්ය බළකායේ යුද්ධය හේතුවෙන් ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන් වෙත ජීවිතාන්ය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික නිදහස් උත්සවයේදි ජාතිය අමතමින් පැවැසීය.

" ආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස අපට නොහැකි වුණා. තවදුරටත් මන්දගාමී ආර්ථික වර්ධනයකට ජනතාව සූදානම් නෑ. ආර්ථික වර්ධනය සඳහ අධ්‍යාපනය 21 වැනි සියවසට ගැලපෙන ලෙස ස්ථාපිත කළ යුතුයි. නව ආර්ථික සංකල්ප ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි.;

ආර්ථික වර්ධනය අතින් 21 වැනි සියවසේදි ආසියාව ඉදිරියෙන් තිබෙන හෙයින් එහි වාසිය ඇති කර ගත යුතුයි. ජාතික ආණ්ඩුවෙන් බොහෝ දේ ලබාගත්තා. නොකළ යුතු දේ කළා. බලයට පත්වූ ආණ්ඩුව ජනතා අපේක්ෂාවෙන් ඉටු කළේ නෑ.

පාර්ලිමේන්තුව පිරිහිණා.පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළා. පිහි පෙන්නුවා. සමාජයේ පිරිහීම පාර්ලිමේන්තුවෙන් පෙන්වන බව ජනතාව සඳහන් කරනවා.

ණය බර විරැකියාව වැඩිවෙලා. ප්‍රශ්ණ මුහුකරා ගොස් තිබෙනවා. අපේ රටේ භාෂා තුනක් කථා කරනාව. ඒ සියලු දෙනාම එකම මනුස්සයින්.

යුද්ධයෙන් පසුව වඩා නිදහස්ව ජනතාව කටයුතු කළේ පසුගිය සිවුවරයේදීය්. අපි සිටින්නේ අලුවලින් වැසුණු ගිනි ගොඩකයි.

පළාත් සභා විසුරුවලා අවුරුද්දකට වැඩියි. පුනරාවන්තන හා ප්‍රාග්ධන වියදම් උඩුයිටිකුරැ කළ යුතුයි. පළාත් සභා කල් දැමීම ගැන ණ්ගො නිහඪයි.

එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කොතරම් සදාචාරක කියා මා කියනවා. යෝජිත ජාතික ආණ්ඩුවට මා තරයේ විරුද්ධයි. ඇමති මණ්ඩලය 25 දක්වා සීමා වීම ජනතාවගේ ප්‍රාර්ථනාවයි. ජාතික ආණ්ඩුවකට යන්නේ ඇමති මණ්ඩලය වැඩිකිරීමටයි.

ජනගහනයේන 50%ක් සාපේක්ෂ දරීද්‍රතාවයක ඉන්නේ. ආර්ථික ජවාරම්කරුවන් විසින් ශ්‍රි ලංකාව මත්කුඩු ජාවාරමේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත්කර තිබෙනවා.

පරිසර සංරක්ෂණය අපේ අත්පොත විය යුතුයි. දශක ගණනාවක් අප කර තිබෙන්නේ ඥාති සංග්‍රහය හා බඩ වඩා ගැනීමේ දේශපානලයි.

ස්වදේශිකත්වය සුරැකීමට මෙන්ම අපි ගෝලීයකරණ අභියෝග ජයගත යුතු වෙනවා. 2015 සිට අප සම්පූර්ණයෙන්ම භීෂණය ඉවත් කළා. එහෙත් දූෂණය ඉවත් කිරීමට අවංක දේශපාලනඥයින්ගේ සහාය අඩුවුණා.

ශ්‍රී ලංකාව සුහුරු ආර්ථිකයක් වෙත ගෙන යා යුතුයි. දේශපාලන ආරාජික භාවය පිටුදැකීමට පාර්ලිමේන්තු ශක්තිමත් කිරීමේ ක්‍රමයක් අවශ්‍යයි.

මත්කුඩු ජාවාරම, පාතාලය ඇතුළු කළු ආර්ථික කටයුතු අප පරාජය කළ යුතුයි. තරුණ පරපුර නවෝත්පාදනයට හුරුකරවිය යුතුයි.

අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කඩිනමින් කළ යුතුයි. එකම ධඡයක් යටතේ එකම දේශයක් යටතේ එකට ජීවත්වීමට අවශ්‍ය වටපිටාව ශක්තිමත් කළ යුතුයි."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment