ගයේෂා යළි දේශපාලනයට: ශ්‍රීලනිපයේ ආසන සංවිධායක ධූරයකුත්!


රංගන ශිල්පිනි ගයේෂා පෙරේරා මහත්මියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ ආසන සංවිධායක ධූරය ලබා දීමට තිරණය කර ඇතැයි වාර්තා වේ.

පසුගිය සමයේ දේශාපලන කටයුතුවලින් ඈත්ව ඇමරිකාවේ පදිංචිය සඳහා ගිය ඇය අදාල ආසන සංවිධායක ධූරය භාර ගැනීමටත් ඉදිරි පළාත් සභා මැතිවරණයට කොළඹ දිස්ත්‍රිකය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් වීමට ද කැමැත්ත පළකර ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක ධූරය ජීවන් කුමාරණතුංග මහතාට ද ලබා දීමට නියමිත් බව ද වාර්තා වේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment