රාජකීය, විශාඛා, ආනන්ද ඇතුළු සුපිරි ජාතික පාසල්වල විදුහල්පතීන් රැසකට මාරු.


කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල් ඇතුළු දිවයිනේ ජාතික පාසල් 302ක පමණ විදුහල්පති තනතුරු සඳහා නව පත්වීම් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

නව විදුහල්පති පත්වීම්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ ලකුණු සහ යෝජිත නාම ලේඛන මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවට යවා ඇතැයි සඳහන්ය.

කොළඹ රාජකීය, විශාඛා, ආනන්ද සහ නාලන්දා, දේවි බාලිකා, ඩී. එස්. සේනානායක, තර්ස්ටන්, ගම්පහ රත්නාවලී, මාතර සුජාතා, කැලණිය ධර්මාලෝක, කිරිබත්ගොඩ විහාරමහා දේවී ඇතුළු ප්‍රධාන පාසල් රැසකට මෙලෙස නව විදුහල්පතිවරුන් හා විදුහල්පතිනියන් පත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

මෙම විදුහල්පති මාරු කිරීම් ගැන අදාළ පාසල්වල පාසල් සංවර්ධන සමිති සහ ආදි ශිෂ්‍ය සංගම් ගණනාවක් දැනටමත් රජයට බලවත් කනස්සල්ල පළකර තිබේ. ඔවුන් අධ්‍යාපන අමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කරැණු දැක්වීමට අපේක්ෂා කරන බවද වාර්තා වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment