උපන් මොහොතේම නිවුන් දරුවන් දෙදෙනා මරා පොහොර උරයක දැමූ මව අත්අඩංගුවට


හෝමාගම පිටිපන ප්‍රදේශයේ කුලී නිවසකදී නිවුන් බිළිඳුන් දෙදෙනෙකු උපන් මොහොතේදීම පොහොර උරයක බහා දොරමුල්ලේ තබා රෝහල් ගත වූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කාන්තාව 30 හැවිරිදි වියේ පසුවන බවත් ඇයට අවුරුදු 5ක පමණ තවත් දරුවකු සිටින බවත් පොලිසිය පවසයි.

සැකකාර කාන්තාව තමාගේ කුසින් අධික ලෙස රුධිරය වහනය වන බව පවසා අද (04) හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇගේ කුසේ වැදෑමහ දෙකක් ඇතිබව
වෛද්‍යවරුන් හඳුනාගෙන ඇත.

වෛද්‍යවරුන් කාන්තාවගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී මේ බව අනාවරණය වී ඇත. පොලිසියට මේ පිළිබඳව කළ දැනුම්දීම මත ඇගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී එහි දොරමුල්ලේ පොහොර උරයක බහා තිබූ නිවුන් බිළිඳන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගත් බවත් කාන්තාව රෝහල්ගත කර සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

ඊයේ (03) දරු ප්‍රසූතිය සිදුව ඇති බවත් අනියම් ඇසුරකින් දරුවන් පිළිසිඳ ගෙන ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි. හෝමාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment