මිනුවන්ගොඩ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ සුවිසල් නිවසින් ගංජා මිශ්‍ර මෝදක ගුලි පන්දහසක්‌


මිනුවන්ගොඩ ප්‍රදේශයේ තොග වෙළෙඳ ව්‍යාපාරයක නියුතු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවෙසක්‌ වටලා කාමරයක සිවිලිමක සඟවා තිබූ ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි 5000 ක්‌ සමඟ එහි ප්‍රධාන සැකකරුවූ නිවෙස
හිමි ව්‍යාපාරිකයා ද පෙරේදා (14 දා) සවස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පෑලියගොඩ දිසා අපරාධ දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ප්‍රසාද් රත්නායක මහතා පවසයි.

 බස්‌නාහිර පළාතේ ජාඇල, සීදුව, මිනුවන්ගොඩ, ගම්පහ, වේයන්ගොඩ යන ප්‍රදේශවලට
විශේෂයෙන් පාසල් දරුවන් ඉලක්‌ක කරගනිමින් බෙදාහැරීම සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය සුදානම් කර තිබූ බව සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

 තොග වෙළෙද ව්‍යාපාරිකයකු ලෙස ප්‍රසිද්ධියක්‌ උසුලා ඇති සැකකරු තම වාහන මගින් අනෙකුත් වෙළද ද්‍රව්‍යයන් සමග මේ මත්ද්‍රව්‍ය ද ඒ ඒ පළාත්වලට ප්‍රවාහනය කොට තිබේ.

 බස්‌නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‌ෂණය යටතේ පෑලියගොඩ දිසා අපරාධ දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ප්‍රසාද් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් ආනන්ද (29515), පොලිස්‌ කොස්‌තාපල් වරුන් වන සිවකුමාර (43894), අමිල (73380), අජිත් (82894) යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකොට සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

  බී. ටී. කේ. - ජාඇල
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment