මධුෂ් හසුවීම - FEB 16 Morning Updates

https://www.gossiplankanews.com/2019/02/feb-16-morning-updates-madush.html#more
මදුෂ් සමග සබඳතා පැවැත්වූ බන්ධනාගාර හා පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණ

මාකඳුරේ මදුෂ් ඇතුළු පාතාල කල්ලි නායකයන් හා සාමාජිකයන් සමග විවිධාකාර ගනුදෙනු පැවැත්වූ බව කියන විවිධ තරාතිරම්වල පොලිස් නිලධාරීන් දහතුන් දෙනකු හා බන්ධනාගාර නිලධාරීන් විසි දෙනකු පිළිබඳව
විමර්ශන පවත්වන බව රහස් පොලිස් ආරංචි මාර්ග වාර්තා කර ඇත.මධුෂ්ගේ ඩුබායි සාදයට ද පොලිස් නිලධාරින් දෙදෙනකු සම්බන්ධ වී ඇත.
ඒ අය පැවැත්වූ සබඳතාවලට අදාළ දුරකථන සංවාද කිහිපයක්ද හමුව ඇත.


මදුෂ් ගැන විස්තර ලංකාවට එන්නේ පොලිසිය හරහා නොවේ

 ඩුබායි පොලිසිය අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් පිළිබඳ මෙරට මාධ්‍යවලට මෙන්ම රටේ ජනතාවට තොරතුරු ලබා දෙන්නේ එම සැකකරුවන් පිරිස වෙනුවෙන් නීති ආධාර ලබා දීමට එහි ගොස්‌ සිටින

නීතිඥයන් හා ලංකාවේ සිට විවිධ රැකියා සඳහා ඩුබායි ගොස් සිටින අයගෙන් බවත් මේ වනතුරු කිසිදු නිල පොලිස් නිලධාරියෙකු ඒ සඳහා අනුයුක්ත කර නැතැයිද වාර්තාවේ.
ඒ හේතුවෙන් ඇතැම් කරුණුවල පරස්පරතා මෙන්ම සාවද්‍ය කරුනු වාර්තාවීම් ඉහළ යාම්ද වාර්තාවී තිබේ. මෙම තොරතුරු අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින අය ලබාදීමද ගැටලුකාරී තත්වයක් ළුී ඇති අතර ඒ නිසා අවාසි කරුනු වාර්තා නොවන තත්වයක් නිර්මාණය ළුී ඇති බවද පැවසේ.


මධුෂ් ඇතුළු සැකකරුවන් ගැන නිල වාර්තාවක්

සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්‍ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා සම්බන්ධයෙන් නිල වාර්තාවක් අන්තර්ජාතික පොලිසිය හරාහා මෙරටට එවා ඇති බවට ආරංචි පවතී.
ඉකුත් 13 වැනි දින මෙම නිල වාර්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටි මෙරට අන්තර්ජාතික පොලිසියේ ශාඛාව වෙත එවීමට ඩුබායි රාජ්‍යය කටයුතු කර ඇති බවත් වාර්තා විය.
නම් ලැයිස්තුවේ සදහන් පුද්ගලයන් 31 දෙනා සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ වාර්තාවක්

නැවත ඩුබායි රාජ්‍යයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.


නිල පොලිස් කණ්ඩායමක් ඩුබායි යවන සූදානමක්

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීම පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා පොලිස්‌ නිලධාරින් කන්ඩායමක් එරටට පිටත් කර යැවීමේ සූදානමක් ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
 මේ සම්බන්ධයෙන් පොලිස්‌ මූලස්‌ථානයේ උසස්‌ නිලධාරියකු දන්වා ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියට අතිශය වැදගත්කමක්‌ ඇති මෙම අපරාධකරු පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඩුබායි වෙත යෑවිය යුතුව තිබූනේ මින් පෙර බවයි.
මෙම අපරාධකරුවන් පිළිබඳව තොරතුරු ලබා ගැනීම තවමත් අවිධිමත් තත්වයේ පසුවීම මත මෙම කණ්ඩායම පිටත් කර යැවීම අත්‍යවශ්‍ය වී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment