ත්‍රීරෝද රථ රියදුරන් ලක්ෂයකට NAITA වෙතින් වෘත්තීය පුහුණුවක්


 ත්‍රිරෝද රථ රියදුරන් ලක්ෂයකට මේ වසරේදී නොමිලේ වෘත්තීය. පුහුණුව ලබාදීමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) තීරණය කර තිබේ.

2000කට වැඩි පිරිසක් මෙලෙස වෘත්තීය පුහුණුව ලබා ගැනීමෙන් පසු විවිධාංග නිපුණතා ශිල්පීන් සොයා ගැනීම සඳහා ජංගම දුරකථන යෙදුමක් (App) හඳුන්වා දීමට තම ආයතනය සැලසුම් කර ඇතැයි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරීයේ සභාපති,වෛද්‍ය සාරංග අලහප්පෙරුම
සඳහන් කළේය.  එමෙන්ම දිවයින පුරා පිහිටි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරීයේ (NAITA) ශාඛා මගින් මෙම වෘත්තීය පුහුණුව ත්‍රිරෝද රථ රියැදුරට ලබාගත හැකි බවද හෙතෙම පැවසීය.

එමෙන්ම දිවයින පුරා පිහිටි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරීයේ (NAITA) ශාඛා මගින් මෙම වෘත්තීය පුහුණුව ත්‍රිරෝද රථ රියදුරුට ලබාගත හැකි බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ ප්‍රමාණය දෛනිකව ඉහළ යෑමත් සමග ත්‍රිරෝද රථ සඳහා ලැබෙන 'හයර්' ප්‍රමාණය දිනකට පැය 02කට වඩා අඩු බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබූ අතර, එය මාධ්‍යයේ පළවීමත් සමග ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වැඩි අවධානයක් යොමුවී ඇතැයි සාරංග අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

 මේ හේතුවෙන් ත්‍රිරෝද රථ රියැදුරන් ලක්‍ෂයකට නොමිලේ වෘත්තීය පුහුණුව ලබා දීමට තම ආයතනය තීරණය කළ බවත්, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු ත්‍රිරෝද රථ රියදුරන් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිම් අධිකාරි සමග සම්බන්ධ වන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.

-චාමර සම්පත්-


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment