අයවැය 119-76 කින් සම්මතයි


අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණි.
අයවැයට විපක්ෂව ඡන්ද 119 ක් හිමි වූ අතර පක්ෂව හිමි වුණේ ඡන්ද 76ක් පමණයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය
දීමෙන් වැලකී සිටි බව පක්ෂයේ මහ ලේකම්වරයා පවසන අතර, පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළේය. ජනතා විමුක්ති පෙරමුණ ද එයට විරුද්ධව ඡන්දය දී තිබුණි.
එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජනතා සන්ධානය අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළේය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 05 වනදා මෙම වසර සදහා වන අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.
ඒ අනුව අද දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවති අතර මංගල සමරවීර මුදල් අමාත්‍යවරයාගේ පිළිතුරු කථාවෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වුණි.
අයවැය තෙවන වර කියවීමේ  විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය හෙට සිට අප්‍රේල් මස 05 වන දින දක්වා පැවැත්වෙන අතර එදිනම අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකරයි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment