කහ ඉරිමත ගිය කාන්තාවක හප්පා මරාදැමුවැයි ජනනාත් වරකාගොඩ රිමාන්ඩ්

https://www.gossiplankanews.com/2019/03/jananath-warakagoda-remand-accident.html#more

ප්‍රකට බෙර වාදන ශිල්පී ජනනාත් වරකාගොඩ පදවමින් සිටි වාහනයක කහ ඉරි මත ගමන් කළ කාන්තාවක හැප්පී ඇය මරුමුවට පත්වී තිබේ. අද උදෑසන 5.30 ට පමණ කඩවත කිරිල්ලවලදී
මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගියේ 62 හැවිරිදි කාන්තාවක බව වාර්තාවේ.
අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සංගීතවේදී ජනනාත් රංග වරකාගොඩ

ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ජනනාත් පැදවූ බෙන්ස් වර්ගයේ රථය අද උදෑසන 5.30 ට පමණ කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුවේදී මෙම කාන්තාව හප්පා තිබුණි.
අනතුරින් මිය ගොස් ඇත්තේ, 68 හැවිරිදි සුරියපාලුව කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකරු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජාත්‍යන්තර මට්ටමේ බෙරවාදන කණ්ඩායමක් පවත්වායන ජනනාත් විවිධ රියැලිටි තරගවල විනිසුරුවෙකු ලෙසද සහභාගීවී කීර්තියක් ලබා සිටින්නෙකි.
ජනනාත් ප්‍රසිද්ධ කලා ශිල්පී  විජේරත්න වරකාගොඩගේ පුත්‍රයාය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment