ඉතියෝපියන් එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් පුද්ගලයින් 157 සහිත මගී ගුවන් යානයක් අනතුරට ලක්වී සියල්ලන් ජීවිතක්ෂයට පත්ව ඇති බව අද (10) විදෙස් වාර්තා සඳහන් කරයි.
බොයින් 737 වර්ගයට අයත් ET 302 නමැති මෙම යානය ඉතියෝපියාවේ අඩිස් අබාබා සිට කෙන්යාවේ නයිරෝබි බලා උදෑසන 8.38 ට පියාසර කරමින් සිටියදී ගුවන් තොටුපළෙන් නික්ම මිනිත්තු 07කට පසු කඩා වැටී තිබේ. මිනිත්තු 7 කට පසු සියලු සබඳතා අහිමිව ගිය බව නිල නිවේදනයකින් දක්වා තිබේ.
අනතුරට පත්වන අවස්ථාව වනවිට මගීන් 149 ක් හා කාර්ය මණ්ඩලය 8 දෙනෙක් එකතුව 157 දෙනෙකු යානයේ සිට ඇත.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment