2019 අයවැය යෝජනාවලියට කැබිනට් මණ්ඩල අනුමැතිය.


2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී අයවැය යෝජනාවලිය සඳහා අනුමැතිය හිමිවූ බව අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසුවේය.

පෙරවරු 08.30 ට ආරම්භ වු අමාත්‍ය මණ්ඩල රැස්වීම පැයක පමණ කාලයක් පැවති බව සඳහන්.

අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට, විශ්‍රාමිකයින්ට සහ සාමාන්‍ය ජනතාවට සහන රැසක් හිමිවනු ඇති බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment