2040 දී අභ්‍යවකාශයේ සිට එන 7G තාක්ෂණය ගැන ධම්මිකගෙන් අනාවැකියක්!


සියලූම තාක්ෂණය සංවර්ධනය වන්නේ කාලයත් සමගින් බවත්, ඒ අනුව 6G තාක්ෂණය 2030 වසරේ දී පැමිණෙනු ඇති බවත්, 7G තාක්ෂණය 2040 වසරේ දී පැමිණෙනු ඇති බවත් ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. කෘතිම බුද්ධිය භාවිතා කිරීම සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක සංගමය සංවිධානය කරන ලද සමුළුවේ දී ධම්මික පෙරේරා මහතා මේ බව පැවසීය.

“ජංගම දුරකතනය මුලින්ම 1G කියලා රැහැන් රහිත විදියට ආවේ 1980 දී, ඒක තමයි 1G. අවුරුදු 10කට පස්සේ තමයි 2G ආවේ, 1990. 2000 දී 3G ආවා. 2010 දී 4G ආවා.“

“එතකොට 2020/21 වෙනකොට 5G එනවා.“

“මමත් දැන් අවුරුදු 1 ½ ක් AI එක්ක පුරුදු වෙලා, මටත් දැන් predict කරන්නේ නැතුව ඉන්න බැහැ.“

“මම කියන්නං, 6G එන්නේ 2030 දී, 7G එන්නේ 2040 දී කියලා.“

“මගෙත් දැන් prediction එක අවුරුදු 20 කින් විතර ඉස්සරහට යනවා.“

“එක සැටලයිට් එකකින් මුළු ලංකාවටම 6G දෙන්න පුළුවන් වෙයි. මේකට කණු තියෙන එකක් නැහැ.“

“7G එන්නේ spaceවලින්. තව අවුරුදු 20 කින් space (අභ්‍යවකාශයේ) එකේ ඉඳලා, මුළු ලෝකෙම රෝමිං කරන්න වයර්ලස් තියෙයි. මේක තමයි මගේ prediction එක දැන්.“

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment