මුම්බායිහි මගී පාලමක් කඩා වැටී 3 ක් මරුට 20 කට තුවාල

අද (14) සන්ධ්‍යාවේ 7.30 ට පමණ ඉන්දියාවේ මුම්බායි නුවර මගී ගුවන් පාලමක් කඩා වැටීම නිසා අනතුරක් සිදුවී තිබේ. Mumbai CST bridge නමින් හඳුන්වන මෙම පාලම මුළුමනින් මහජනයා සඳහා පමණක් වෙන්
කරන ලද්දක් වන අතර කාර්යාල නිමවී

නිවෙස් බලා යන සේවකයින් දහස් ගණනක් පාලමේ ගමන් ගනිද්දී එහි මැදින් කොටසක් කඩාවැටී ගමන් කළ අය Dr DN මහාමාර්ගයට ඇදවැටීමෙන් මෙම අනතුර සිදුවිය.
මෙම පාලම ඔස්සේ වැඩි වශයෙන් ගමන් කරන්නේ ආසන්නයේ පිහිටි දුම්රිය ස්ථානය වෙත යන පිරිස් බවද පැවසිණි.
සිද්ධියෙන් 3 දෙනෙකු මියගිය බව හා 20 දෙනෙකු තුවාල ලද බව පස්වරු 9 වන විට ලැබුණ ආරංචියයි. මියගිය පිරිස ඊට වැඩි විය හැකි බවද පැවසේ.
අලුත්වැඩියාව සඳහා සූදානම් කර තිබියදීත් මෙය මහජනයා වෙත විවෘත කර තිබීම නිසා අනතුර සිදුවූ බවට චෝදනාවක්ද තිබේ.






Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment