මදුෂ් ඩුබායිදී අල්ලපු එක නීති විරෝධියි කියමින් පුංචි අම්මා උසාවි යයි


ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ්ගේ පුංචි අම්මා බව කියන සූරියවැව හත්පෝරුවේ පදිංචි අබේසේකර විජේසේකර ශ්‍රියානි නැමැත්තිය අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු
කරමින් ඉල්ලා ඇත්ත‍ෙ මාකඳුරේ මධුෂ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විශේෂ කාර්ය බළකාය සහ රහස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවත්,
ඔහු අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා  සිටින බවත්ය.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පන නීතියක් නොමැති බව දක්වමින් මෙම තර්කය ඇය නීතීඥවරුන් මගින් ගොනු කර ඇත. මාකඳුරේ මධුෂ්ගේ මව මියගොස් පියා වෙනත් කසාදයක් කරගත් පසු ඔහු හැදී වැඩී තිබුනේ මේ කියන පුංචි අම්මා ළඟය.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස විශේෂ කාර්යා බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ටී.එෆ්.ලතීෆ් මහතා ඇතුළු පස් දෙනෙකු නම් කර ඇත.

වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද, මධුෂ් නැමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටින්නීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment