කාන්තා මැදිරි නිසා දුම්රිය මගීන් දැඩි අසීරුවක



 මහව හන්දියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී කාර්යාල දුම්රියට මෙතෙක් යොදා තිබූ S.10 ද්විත්ව බලවේග කට්ටලය ඉවත් කර ඉකුත් 08 වැනිදා සිට S.11 විශ්ව බලවේග කට්ටලයක් යෙදවීම
නිසා උදය හවා එම දුම්රියෙන් ගමන් කරන අති විශාල පිරිසකට එම දුම්රියෙන් ගමන් කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

මෙම S.10 ද්විත්ව බලවේග කට්ටල දුම්රියේ දෙපස ආසන පේලි 2ක් පමණක් ඇති නිසා එක් මගී මැදිරියක 500කට  අධික මගීන් පිරිසකට වාඩි වී සහ හිටගෙන ගමන් කළ 

හැකි නමුත් S.11 ද්විත්ව බලවේග කට්ටල දුම්රියේ හරස් අතට ආසන සවිකර තිබීම නිසා S.10 මගී මැදියක ගමන් ගන්නා මගීන් සංඛ්‍යාවෙන් අඩකටවත් ගමන් කිරීමට නොහැකි වීමෙන් මෙම තත්වය උද්ගත වී තිබේ.

එමෙන්ම S.10 දුම්රියේ නොතිබු 02 වැනි පන්තියේ මගී මැදිරි දෙකක් S.11 බලවේග කට්ටලයට යොදා තිබීම නිසාම මැදිරි දෙකේ මගීන් නොමැතිව ධාවනය කෙරෙන අතර කොළඹ කොටුව දක්වා  ධාවනය වන දුම්රියට ගම්පහ දුම්රිය ස්ථානයෙන් ගොඩවීමේ අවස්ථාව මගීන් රැසකට අභිමි වී තිබේ.

ඒ ආකාරයට සවස  මහව හන්දිය දක්වා ගමන් කරන දුම්රියෙන් මරදාන හා  දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් ගොඩ වන මගීන්ටද එම දුර්ගයෙන් ගමන් කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.  මේ අතර කාත්තාවන් සඳහා වෙනම මැදිරි වෙන් කිරීම නිසා කාර්යාල දුමිරියවල දැඩි තදබදයක් ඇතිව තිබෙන  අතර රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙන  ශීඝ්‍රගාමී දුම්රියේ කාන්තා මැදියේ පිරිමින්ද බලහත්කාරයෙන්  ගමන් කළ ආකාරයක් 12 දා දක්නට ලැබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment