ලක්ෂ 3ක් කුඩුත් එක්ක පතාල සමාජික 'රත්තරන් මල්ලි' ගේ ගෝලයා බදුල්ලේදී මාට්ටු


බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම් මෙහෙයවන "රත්තරන් මල්ලි" නමැති පාතාල සාමාජිකයාගේ ගෝලයකු බදුල්ල නගරය ආසන්නයේදී හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රමේ 800ක්ද සමඟින් ඌව දිසා විස
මත්ද්‍රව්‍ය වැටලීම්
ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලක්ෂ තුනකටත් අධික වටීනාකම ඇති හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය. කටුවන ප්‍රදේශයේ පදිචි 35 හැවිරිදි අයකු වන අතර, බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, හාලිඇළ, ඇටම්පිටිය වැනි ප්‍රදේශවල හෙරොයින් සඟවා අදාළ ගැනුම්කරුවන් වෙත ඊසි කැෂ් ක්‍රමයට අලෙවි කරන බවද මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතාගේ අධික්ෂණය මත ක්‍රියාත්මක ඌව දිසා විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් මසකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අනුව සැකකරු 6දා රාත්‍රියේ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික හෝටලයක් අසල ගැවසීමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

-ඒ.අයි.හසන්-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment