තම දෙදරු බිරිය මරා දැමූ කරාටේ සැමියාට වසර 17 කට පසු මරණ දඩුවම

https://www.gossiplankanews.com/2019/03/17-years-aftr-husband-death-sentence-over-kill-wife.html
මීට වසර 17 කට පමණ පෙර 2002 ජනවාරි 31 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී සිය දෙදරු බිරියගේ ගෙළ සිරකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ කරාතේ උපදේශනය වෘත්තිය වශයෙන් කරන සැමියෙකුට මරණ දඩුවම හිමිවීමේ සිද්ධියක් පසුගිය 7 වනදා හෝමාගම අධිකරණයේදී  වාර්තාවිය.
එම ඝාතනය පිළිබඳව විත්තිකරුගේ මස්සිනා කෙනකු වන
රවින්ද්‍ර හේමන්ත නමැති අයකුට එරෙහිවද අධිචෝදනා නගා තිබූ නමුත් එම නඩු විභාගය අතරමගදී ඔහු මියයාම හේතූවෙන් විත්තිකාර ස්වාමි පුරුෂයාට විරුද්ධව පමණක් නඩුව ඉදිරියට ගෙන ගොස් විභාග කිරීමෙන් පසු  තීන්දුව ප්‍රකාශ විය.

සිද්ධිය වූ දිනයේ නිවෙසේදී ලේන්සුවක් ගෙල වටා ඔතා සිරකර

එම කාන්තාව ඝාතනය කර තිබූ අතර පසුව මළසිරුරේ අත පය හා හිස නවා විශාල ට්‍රැවලින් බෑගයක දමා ඉබ්බන් දෙදෙනකු දමා කුලී පදනමට ගත් කාර් රථයක රාත්‍රී කාලයේ රත්නපුරය, රක්වාන ප්‍රදේශයට ගෙන ගොස් එහි කැලෑවක වළලා තිබිණි. මෙම ඝාතනයට විත්තිකරුගේ මස්සිනාද හවුල්වූ බව සාක්ෂි වලින් පැවසිණි.

මළසිරුර හෝමාගම පොලිසිය විසින් සොයාගත් අවස්ථාව ඒ කාලයේ ඉහළ ප්‍රසිද්ධියකින් යුතුව මාධ්‍ය තුළ රැව්පිළිරැව් දුණි.
කොට්ටාව, මාලපල්ල, ශ්‍රියානි විජේරාම නමැති දෙදරු මවක මෙම සිද්ධියෙන් මියගොස් තිබුණි.
ඇය ඝාතනය කිරිම සැලසුම් සහගතව කළ එකක් වූ අතර ඝාතනයට පෙර දිනයක මළසිරුර ගෙන යාමට මෝටර් රියක්ද කුලියට ගෙන එයට රුපියල් 30,000 ක් ද ගෙවා තිබූ බව ද සාක්ෂි වලදී හෙළිවී තිබුණි.

මෙම කරාටේ උපදේශක සැමියාට වෙනත් සම්බන්ධයක් පැවතීම නිසා එම තැනැත්තිය විවාහ කරගැනීමේ අවශ්‍යතාව මත මෙම ඝාතනය කළ බව ඒකාලයේ කියැවිණි.

මෙය අතිබිහිසුණු කෘෘර මනුෂ්‍ය ඝාතනයක් බව ද සදාකාලික අබිරහසක් වන පරිදි බිහිසුණු ආකාරයට මිනීමැරීම් චේතනාවෙන් ඝාතනය සිදුකර ඇතැයි ද
මරණ දඬුවම නියම නොකිරිමට හේතු තිබේ නම් දන්වන ලෙස විත්තිකරුට

විනිසුරු දන්වා සිටි අතර තමන් මෙම ඝාතනයට සම්බන්ධ නැතැයි එම අවස්ථාවෙ විත්තිකරු පැවැසීය. ඒ නමුත් ලැබුණ සාක්ෂිවලින් සැකයෙන් තොරව ඝාතනය ඔප්පුවී තිබූ අතර මෙවැනි විත්තිකරුවන්ට නියම කළ හැකි දණ්ඩනය මරණය දඬුවම බව ද මහාධිකරණය විනිසුරු පැවසීය.

විත්තිකාර බන්දුල සුදන්සිරි පෙරේරා නමැති කරාතේ උපදේශකට හෝමාගම මහාධිකරණය විනිසුරු අමල් තිලකරත්න මහතා  මරණ දඬුවම නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රඡයේ නීතිඥ හිමාලි ඡයනත්ති මහත්මිය ද විත්තිකරු වෙනුවෙන් නීතිඥ පුබුදු දේශප්‍රිය මහතා ද අධිකරණයේ පෙනී සිටියහ.

 ජයසේන හත්වැල්ල


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment