විහිළුව දුරදිග ගිහින් මිතුරාගේ මුහුණට නියනෙන් ඇනලා

මිතුරන් අතර ඇතිවු විහිළු තහළු කිරීම දුරදිග ගොස් එක් අයෙකු අනෙකාගේ මුහුණට ඉස්කුරුප්පු නියනකින්
ඇන තුවාල සිදුකර ඇතැයි
ගාල්ල පොලිසිය පවසයි. ගාල්ල සපුමල් පෙදෙසේ තරුණයකුගේ නිවසට සවස් කාලයේ ඔහුගේ තවත් මිතුරන් දෙදෙනකු පැමිණ ඇති අතර පසුව මිතුරන් තිදෙනා විහිළුතහළු කරමින් සිටින විට එක් අයෙකු කරන ලද විහිළුවක් දුරදිග යාම නිසා ආරවුලක් සිදු ඇත.

එහිදී එම නිවසට පැමිණි මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙකු අසල තිබූ ඉකුරුප්පු නියනක් ගෙන අනෙකාගේ මුහුණට සහ බෙල්ලට ඇන තිබේ. තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.



- ඩී.පී. සුගතපාල -

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment