කොටසට 3000 ගානේ උපයන්න හැදූ ටෙලි නාට්‍යය නිවස ගිනිතබා විනාශ කරලා

ටෙලි නාට්‍යයක් රූගත කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 4 1/2 ක් වැය කර ඉදිකර තිබූ කුඩා නිවසක් කිසිවකු විසින්
ගිනිතබා විනාශ කිරීමේ සිද්ධියක් පිළිබඳව තෙබුවන පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

 ගල්පාත, පනාගොඩ පදිංචි ජානක බෝධිත එදිරිසූරිය (අවු: 49) යන අය විසින් කරන ලද පැමිණිල්ල අනුව මෙම පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

 තමාට අයත් වලව්වක් සහිත
ඉඩමේ ටෙලි නාට්‍යයක් රූගත කිරීම සඳහා පිටපලූ ලෑලි ගසා නිවසක් ඉදි කළ බවත් ඒ සඳහා තමාට දිනකට රුපියල් 3000/- බැගින් ගෙවූ බවත් තවත් කොටස් 250 ක් පමණ රූගත කිරීමට අවශ්‍ය බව පවසා ඔවුන් ඊට ඉබියතුරු දමා ගිය බවත් පැමිණිලිකරු ප‍්‍රකාශ කර ඇත.

 මේ අතර තමා ඉකුත් 09 වැනි දින තම ලොරියෙන් කුලී ගමනක් ගොස් එන විට නිවස කිසිවකු ගිනි තබා විනාශ කර ඇති බව දුටු බව ද ඔහු පොලිසියට කරන ලද ප‍්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.

 මෙහි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තෙඹුවන පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment