අයවැය ගැන කටකතාවල ඇත්ත නැත්ත මෙන්න.
ලබන අඟහරුවාදා (05) ඉදිරිපත් කිරීමට නියමිත 2019 අයවැයේ දී ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීමේ සූදානමක් පවතින බවට පලවන වාර්තාවල කිසිඳු පදනමක් නැතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.
ජනාධිපති සිරිසේන මහතා විසින් දිගින් දිගටම ආණ්ඩුවේ කකුලෙන් අදිමින් ඔහුගේ වැරදි පවා ආණ්ඩුවේ වැරදි ලෙස හුවා දක්වමින් නටන නාඩගමට විරෝධය පළකිරීම සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුව ඇතයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී කර ඇති ප්‍රකාශය පිළිබඳව 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමේදී මංගල සමරවීර මහතා එබව සඳහන් කළේය.
අයවැය යෝජනා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති සංවර්ධන කාර්යන් සඳහා කිසිඳු කප්පාදුවකින් තොරව මුදල් වෙන්කර ඇති බව කියා සිටී මුදල් අමාත්‍යවරයා, මෙවර ඉදිරිපත් කරන අයවැය ලේඛනය ලබන අඟහරුවාදා පෙරවරුවේ කැබිනට් මණ්ඩලය අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ද පැවසිය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන 05 වනදා ඉදිරිපත් කිරීමට නියමිත 2019 අයවැය ලේඛනයේ අවසන් කටයුතු පානදුර ගොරකානේ පිහිටි ''දේදුනු අන්තය' (Rainbows End) ඔහුගේ පෞද්ගලික නිවසේ සිට මේ දිනවල කෙටුම්පත් කරමින් සිටියි.
එහෙයින්, බොල්ගොඩ වැව ආශ්රිත අතිශයින් දැකුම්කලු නිසංසල පරිසරයක පිහිටි ''දේදුනු අන්තය' මේ දිනවල තරමක් කාර්යබහුල වී ඇත.
මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා ඇතුළු නිලධාරීන් රැසක් පසුගිය දින කිහිපයෙහි උදැසන සිට මැදියම් රාත්‍රී වනතෙක් අයවැය සැකසීම වෙනුවෙන් වෙහෙසී කටයුතු කර තිබිණ.
0 comments :
Post a Comment