"මහේන් එපා" ස්වර්ණවාහිනී සේවකයෝ වර්ජනයේ


ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.

වාර්තා වන ආකාරයට ආයතනයේ සේවකයන් විසින ඊයේ (18) වෘත්තිය සමිතියක් ආරම්භ කර ඇති අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය මෙසේ තහනම් කර ඇත. ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කරන සේවකයන්බහුතරයක් මෙම නව වෘත්තිය සමිතිය හා එක්ව ඇති අතර ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඔහුහු  කියති.

සේවය තහනම් කර ඇති පිරිස පොලීසියට පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඔවුන් අද දින කම්කරු කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡාවකටද එක්ව තිබේ. ඉන් අනතුරුව ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කිරීමට  කටයුතු කර ඇති අතර එය සිය ඉල්ලීම් ලබාදෙනතුරු  සිදුකරන බව InfoSrilankaNews අප කල විමසීමකදී සඳහන් කළේය.

ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා,

ප්‍රධාන  විධායක නිලධාරී ලෙස කටයුතු  කරන මහේන් පෙරේරා මහතා ඉවත් කිරීම සහ  අත්තනෝමතික අයුරින් සේවයෙන් ඉවත්කළ සේවකයන් 15 දෙනා යලි සේවයේ පිහිටුවීම මොවුන්ගේ ඉල්ලීම් වනු ඇත. උද්ඝෝෂණයට එක්ව ඇති පිරිස සඳහන් කරනුයේ තමන්ගේ ඉල්ලීම් ලබාදෙන තුරු නැවතත් ස්වර්ණවාහිනී නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළු කිසිඳු කටයුත්තකට සහභාගී නොවන බව සහ අරගලය නොනවත්වන සිදුකරන බවයි. මිට පෙර අවස්ථා කිහිපයකදීම මහේන් පෙරේරා හට විවිධ චෝදනා එල්ලවී ඇති බවද අරගලයේ නිරත පිරිස සඳහන් කරයි.

ඉවත්කළ සේවකයින්,

නදීක කරුණානායක, අරුණ බණ්ඩාර වාසුන්දර, තිලිණි පෙරේරා, නුවන් සී ජයවික්‍රම, ඒ.ඩී. ඩයස්, ලලිත් කුමාර වීරතුංගආරච්චි, සම්පත් තිලකවික්‍රම, ඒ ඩී රෝහණ විමලසිරි, නයන උජිත්, චන්දන සෙනෙවිරත්න, මුදිත විජේසුන්දර, කේ.ඩී පී එල් සමරසේකර, එල් සී. සිංහපුර, බැසිල් රෝයි, එස් ගමගේ යන අයගේ සේවයෙන් පහකිරීමේ  ලිපි අද (19) උදෑසන ආයතනයේ ආරක්ෂක අංශය හරහා ලබදිමට කටයුතු කල බවත් එය සමිතියක් ලෙස පිළිනොගන්නා බැවින් මෙම උද්ගෝෂණ ක්‍රියාවලියට අවතීර්ණ වූ බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment