පරිසර හිතකාමී අඩුමිල බජාජ් කියුට් යුරෝපීය මොඩලයේ රථය එළිදකී


බජාජ් කියුට් රථය හඳුන්වාදීමේ උත්සවයක් පසුගියදා පැවැත්වුණා.
වඩාත් ඉඩ කඩ ඇතිව නිෂ්පාදනය කර ඇති බජාජ් කියුට් රථය රියදුරාට සහ වාහනයේ ගමන් කරන අනෙකුත් අයට සුවපහසු සහ ආරක්ෂාකාරී ගමනක් තහවුරු කරන බව එහිදී කියැවුණා.

ගමන් මලූ රැගෙන යාම සඳහාද සැලකිය යුතු පහසුකම් සීමා කරන ලද උපරිම වේගය සහ මොනොකොක් බඳ එහි  විශේෂාංග අතර වේ.
මෙහි වඩාත් වැදගක් අංගයන් වන්නේ සියයට 40ක අවම කාබන් විමෝචනය, BSIV   විමෝචන තත්ත්වයන්ට අනුකූල වීම සහ කුඩා මෝටර් රථ සමඟ සසඳන විට උපරිම ඉන්ධන පිරිමැස්මකින් යුක්ත වීමයි.
 බජාජ් කියුට් DTSi තාක්ෂණයෙන් යුතු එන්ජිමකින් සමන්විත වන කොඩ්‍රිසයිකල් කාණ්ඩයට අයත් වාහනයකි. යුරෝපයේ කොඩ්‍රිසයිකල් සම්බන්ධ සියලූ අවශ්‍යතා සපුරා ඇති අතර  යුරෝපීය WVTA සහතිකය නෙදර්ලන්තයේ ප්‍රවාහන අධිකාරිය මඟින් ලබා ඇත.
යුරෝපීය සංගමයේ රටවල් වන තුර්කිය, පෝලන්තය සහ පෘතුගාලය, රුසියාව, උතුරු ඇමෙරිකානු මහාද්වීපයේ මෙක්සිකෝව සහ කොලොම්බියාව, දකුණු අප‍්‍රිකාව ඇතුළු අප‍්‍රිකානු මහාද්වීපික රටවල්, බංගලාදේශය සහ ඉන්දුනීසියාව ආදී රටවල් 32ක මේ වන විට බජාජ් කියුට් රථය අලෙවි කරනු ලබයි.
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්)ලිමිටඩ් ලංකාවේ මෙම රථය අලෙවි කරනු ලබයි.










Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment