වීඩියෝව සඟවන්නැයි නවසීලන්ත පොලිසිය ඉල්ලයි: ඇතැම් මාධ්‍ය නිහඬයි.


නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකක සිදු වූ මාරාන්තික වෙඩි තැබීමට සම්බන්ධ “ඉතාමත් ඛේදජනක සහ සංවේගජනක” වීඩියෝපටයක් තිබෙන බව එරට පොලිසිය ප්‍රකාශ කරයි. 

එම වීඩියෝ පටය අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හෝ ප්‍රසිද්ධියට පත් නොකරන්නැයි ද නවසීලන්ත පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා ඇත. 

“ක්‍රයිස්ට්චර්ච් සිදුවීමට සම්බන්ධ “ඉතාමත් ඛේදජනක සහ සංවේගජනක” වීඩියෝපටයක් තිබෙන බව අපට දැනගන්නට ලැබී තිබේ. එම වීඩියෝපටය අන්තර්ජාලයට නිකුත් වී ඇති බව ද දැනගන්නට ලැබී තිබේ” යැයි නවසීලන්ත පොලිසිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 

“එම වීඩියෝ පටය තවදුරටත් ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස අපි ඉතාමත් වුවමනාවෙන් ඉල්ලා සිටිනවා. එම වීඩියෝපටය අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට අපි පියවර ගනිමින් සිටිනවා” යැයි ද එහි තවදුරටත් දැක්විණි. 

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විදෙස් විශ්ලේශක, මාධ්‍යවේදී චාමර සුමනපාල තම ෆේස් බුක් ගිණුමේ සටහනක් පල කරමින් පවසන්නේ රජය මෙවැනි විඩියෝ සංසරණය වැලැක්වීමට කිසියම් මැදිහත් වීමක් කල යුතු බවයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment