මෛත්‍රී විස්වාස නෑ: ශ්‍රීලනිපය - පොහොට්ටු සාකච්ඡා දෙවන වටයට.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡාව සාර්ථකව නිම වූ බවත් එහි දෙවන අදියර මෙම මස 22 පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

සාකච්ඡාව සඳහා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින් ඊයේ (14) පෙරවරු 10.15ට පමණ විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණි අතර නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජි.එල් පිරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සහභාගී වී සිටියේය.

පොහොට්ටුවෙන් මෛත්‍රීට දැඩි ප්‍රහාරයක් !

කෙසේවුවද මෙසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ජා ඇරඹෙද්දී 'පොහොට්ටුව' නියෝජනය කරන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා පවසන්නේ, විශ්වාස කළ නොහැකි මිනිසුන් සමග සන්ධාන ගත වීමෙන් පසු ජනාධිපති වැය ශීර්ෂයට සිදුවූ දේම සිදුවිය හැකි යැයි තමන්ට සැක බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු එබව සඳහන් කළේය.

අයවැයට විරුද්ධව ඡන්දය දීමට දෙන බවට මුලින් කියා ශ්‍රීලනිප කණ්ඩායමක් අවසානයේ ඊට විරුද්ධ නොවී පැන ගොස් සැඟවුණු බවත් එවන් පුද්ගලයන් සමඟ සන්ධාන ගැසූවොත් අවසාන මොහොතේ තම පාර්ශවය අමාරුවේ වැටෙන බව ද ඔහු එහිදී පැවසීය.

පසුගිය වර සන්ධානයක් ගසා අගමැතිකම දෙන්නේ නෑ යයි ලියුම් පවා ලියූ බවද මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

එනිසාම විශ්වාස නැති පුද්ගලයන් සමග සන්ධාන ගතවීම මේ මොහොත් උවමනා නැති බවත් ජනතාව සිටින්නේ තම පාර්ශව සමඟ බවත් මන්ත්‍රීවරයා පැවසිය.

කෙසේ හෝ ඇත්ත ස්වභාවය පෙන්වා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වන බවත් එනිසා සන්ධානය ඇතිකිරීමට පෙර දෙවරක් කල්පනා කර බලන බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment