කුමන්ත්‍රණ අගමැතිකම ඉල්ලූ මහින්දගේ පෙත්සම ඉල්ලා අස්කරගෙන.


තමන්ට අගමැති ධුරයේ සහ ඇමැති ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඉදිරිපත් කළ අභියාචනය ඉල්ලා අස්කරගෙන තිබේ.

ඊයේ(14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනය ඉල්ලා අස්කරගෙන ඇත.

මෙම පෙත්සම් ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී මෙම තහනම් නියෝගය නිකුත් කළ සිද්ධියට අදාළ නඩුව එය ගොනු කළ මන්ත්‍රීවරුන් 122 විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා අස්කර ගෙන ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව මහින්ද රාජපක්ෂගේ පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

මේ අතර ඔක්තෝබර් 26 දියත් වූ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට සහය ලබාදුන් පාර්ශවය ට එරෙහිව ගොනුකළ පෙත්සමද ඉවත්කර ගැනිණ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment