මාළඹේ - කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමේ ණය ගිවිසුමට අත්සන් තැබේ.


මාළඹේ-කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබීම අද දින මුදල් අමාත්‍යාශයේදී සිදුවිය. එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 1850ක ණය මුදලක් ජපානයේ ජයිකා (න්‍ෂක්‍්) ආයතනය විසින් ලක් රජය වෙත සැහැල්ලු දුම්රිය සේවය සඳහා ලබා දෙන අතර, එහි පොළිය සියයට දශම එකකි. 

දිනෙන් දින ඉහල යන මාර්ග තදබදයට ප්‍රධාන විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඉදිකිරීම පිලිබඳව මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ උපදෙස් පරිදි මහානගර අමාත්‍යාංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිය. 2024 පමණ වන විට මාළඹේ-කොටුව සැහැල්ලු දුම්රිය සේවයේ සියලු ඉදිකිරීම් අවසන් වීමට නියමිත අතර, දුම්රිය නැවතුම්පොළවල් 16කින් එය සමන්විතය. මාළඹේ සිට කොටුව දක්වා විනාඩි 32කින් ගමන් කිරීමට මගීන්ට මෙමගින් අවස්ථාව සැළසෙන අතර, සමස්ථ දුර ප්‍රමාණය කි.මී. 17කි. මහානගර අමාත්‍යාංශය මගින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment