මදුෂ්ගේ ගෝලයා කැවුමා මොරටුවේ කුලී නිවසක ජෝඩුවක් නවත්වා කෝටි ගණන් කුඩු හා අවි සැඟවූ හැටි

https://www.gossiplankanews.com/2019/03/moratuwa-drug-raid-kewuma.html
ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් ගේ ප්‍රධාන ගෝලයා වූ කැළුම් ඉන්දික හෙවත් කැවුමාට අයත් කුලී නිවසක් ඊයේ සවස මොරටුවේදී පොලිසිය විසින් වටළනු ලදුව

 එහි තිබී රුපියල් කෝටි 205 කට ආසන්න වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමඟ අවි ආයුධ ඇතුළු තවත් උපකරණ රැසක් සොයාගෙන තිබේ.
මෙම හෙරොයින් ගබඩාව මොරටුව රාවතාවත්ත ප‍්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇත.

සොයා ගත් හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 161 ක් බවද එහි වටිනාකම කෝටි 205 ක් පමණ වන බවද වාර්තාවිය.
 ගබඩාවේ සිටි මාකඳුරේ මධුෂ්ගේ ප‍්‍රධාන ගෝලයන් යයි සැකතකරන  යුවළකද අත්අඩංගුවට ගෙන තිබේ.
 ගබඩාවේ තිබී ජීව උණ්ඩ පෙට්ටි 4 ක්, ටී56 ගිනි අවි උණ්ඩ 2500 ක්, විදේශ රටක නිෂ්පාදිත මයිකෝ පිස්තෝලයක් ඊට අදාළ උණ්ඩ තොගයක් හමු වී තිබේ.
මේ අතර මාකඳුරේ මදුෂ්ගේ පියාගේ අවමංගල්‍යය වීඩියෝ කළ දර්ශන ඇතුළත් සීඩී තැටියක්ද මේ සමග තිබී ඇත.

කැලූම් ඉන්දික නමැත්තා රුපියල් කෝටි 500 දියමන්තිය කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර මේ වනවිට ඔහු බන්ධනාගාරගත කර සිටියි.

මුහුදු මාර්ග ඔස්සේ රැගෙන එන මාකඳුරේ මධුෂ්ට අයත් හෙරොයින් තොග කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවලට බෙදාහැරීම සඳහා මොරටුවේ මෙම ගබඩාවේ සඟවා තබන බව ද අනාවරණය වී ඇත.
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් යුවළ සම්බන්ධයෙන්, ඉදිරි විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.

මෙම ගබඩාව පවත්වාගෙන ගොස් ඇත්තේ මසකට රුපියල් 25000 ක කුලී නිවාස පදනම යටතේය. දෙමහල් නිවසේ පහළ මාලය පමණක් ඔවුන් ලබාගෙන තිබූ බවද වාර්තා විය.පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සැකකාර යුවළගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සඳහා යොමු කළ බවයි.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment