හබරණ බෝක්කුවක් අසල යතුරුපැදිකරුවෙකු අභිරහස් ලෙස මියගිහින්

 හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ 124/3 බෝක්කුව අසල දින ගණනාවකට පෙර මියගිය යතුරුපැදිකරුවකුගේ මළ සිරුරක් පෙරේදා (10) උදෑසන 10ට පමණ සොයාගත් බව හබරණ පොලිසිය කියයි.
එම ප්‍රදේශයේ පවත්වාගෙන යන දේවාලයක කපු මහතෙකු මෙම සිරුර මුලින්ම දැක පසුව ඒ සම්බන්ධව හබරණ පොලිසිය දැනුවත්  කර ඇත.
 මළ සිරුර ආසන්නයේ ලියාපදිංචි නොකළ යතුරුපැදියක් ද තිබූ බව පොලීසිය කීය.

මෙලෙස මරණයට පත්ව දොන්
දයානන්ද නමැති 56 හැවිරිදි අවිවාහක පුද්ගලයකු බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජීවත්වන මරණකරුගේ නැගණියගේ නිවසට පසුගිය 4 වැනි දින එමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇති බවට මුලික පරික්ෂණවලින් හෙළි වූ බවද පොලිසිය කියයි.
පසුව එදින තම අයියා නිවසට නොපැමිණිම හේතුවෙන් නැගණිය විසින් එදින ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිසියට පැමිණිලි කර ඇති බවත් අනාවරණය වී ඇත.  තල්පත්කන්ද දේවාලයේ කපු මහතා දේවාලයේ වැඩ කටයුතු සඳහා ජලය ගෙන ඒමට බෝක්කුව ආසන්නයට පැමිණි අවස්ථාවේ මෙම මළ සිරුර දැක ගල්ඔය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ගල්ඔය පොලිසිය සහ හබරණ පොලිසිය එක්ව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
මෙම පුද්ගලයාගේ මරණය යතුරුපැදි අනතුරකින් සිදුවුවාද නැතිනම් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් හබරණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එන්.පී.එස්. ජයලත් මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.

මරණ පරික්ෂණ කටයුතු සඳහා මළ සිරුර පොළොන්නරුව මහ රෝහලට යවා ඇත.

 - චාපා මධුභාෂිණී සහ කරුණාරත්න-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment