බදු සංශෝධනයෙන් ලබන ආදායම් පොදු මගී ප්‍රවාහනයට?

සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත

වාහන නිෂ්පාදන මිල මත බදු පැනවීම අගය කරන බවත් සුඛෝපභෝගී ඇතුළු පුද්ගලික වාහන බදු සංශෝධනය මඟින් උපයා ගනු ලබන ආදායම් පොදු මගී ප්‍රවාහන කර්මාන්තය දියුණු කිරීමට යොදා ගත යුතු බවත් සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත ඊයේ (08) අවධාරණය කළා.

ඔහු මේ බව පෙන්වා දුන්නේ මගී ජනතාවගේ ගැටළු සඳහා මෙවර අයවැය විසඳුමක්ද? යන මැයෙන් සමාජ සහ සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තිරසර ශ්‍රී ලංකාවක් සඳහා ජනාධිපති විශේෂඥ කමිටු වාර්තාව අනුව පසුගිය වසරේ කොළඹ නගරයේ නාගරික සංචලතාවය පැයට කිලෝමීටර් 12ක් දක්වා අඩුවී ඇති බවත් මේ හේතුවෙන් බස්නාහිර පළාතට එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක් අහිමිවන බවද ඔහු එහිදී පවසා සිටියා.

එසේම  පසුගිය මාසය වන විට කොළඹ නගරයේ නාගරික සංචලතාවය පැයට කිලෝමීටර්11ක් දක්වා අඩුවී ඇති බවත් පෙන්වා දුන් සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමය කොළඹ , මහ නුවර ඇතුළු නගර තුල පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම තුලින් වඩා යහපත් ප්‍රවාහන පද්ධතියක් බිහිකරගත යුතු බවත් සඳහන් කරයි.

එසේම මෙවර අය-වැය යෝජනාවලිය තුළ පොදු ප්‍රවාහන කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා අගය කරන බවත් ඒවා යතාර්ථයක් බවට පත් කළ යුතු බවත් සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ ලේකම් ගැමුණු පරණවිතාන මෙම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පෙන්වා දුන් අතර ස්ථීර බදු ප්‍රතිපත්තියක් ඇති කිරීමේ අවශ්‍යතාවය දා පෙන්වා දුන්නා.

තවද මෝටර් රථ සඳහා 2019 අයවැය හී ඉදිරිපත් කර ඇති යෝජනා ආර්ථිකයට මෙන්ම පොදුවේ මෝටර් රථ මිල සම්බන්ධව පාරිභෝගිකයාට ධනාත්මක බලපෑමක් ඇති කරන බව සංගමයේ අදහසයි. 

 සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ ලේකම් ගැමුණු පරණවිතාන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment