මහනුවර මහින්දගේ රැළියට එන්න සිටි මෛත්‍රී අදහස වෙනස් කරගනී


ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ බවට ප්‍රචාරය කර මහනුවරදී අද
පවත්වන්නට යෙදුණ ‘‘ඉවසුවා ඇති’’ රැළියට
ජනපති මෛත්‍රිපාල සිරිසේනද එක්වනු ඇති බවට රැස්වීමට පෙර ප්‍රචාරය වූ නමුත් එයට ජනපති හෝ ශ්‍රී ලනිප කිසිවෙකු  සහභාගී

නොවීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රීලනිප සංවිධායක හමුවේදී තීරණය කර තිබේ.
ඒ අනුව මහනුවර පොදු වෙළඳසැල ඉදිරිපිටදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අද (08) රැළිය මෛත්‍රී නැතිව පැවැත්විණි.
 සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ජනපතිගේ පැමිණීම තහවුරු කරමින් මින් ඉහත මාධ්‍ය තුළ ප්‍රචාර දියත් කළ මුත් අවසානයේ ඔහුද එයට එක්වී නැත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment