සාමණේර සිවු නමට බ්ලූ පෙන්නා අතවර කරලා


මත්ද්‍රව්‍ය හා මත්පැන් පොවා අසභ්‍ය වීඩියෝ දර්ශනද පෙන්වමින් තිනියාගල ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක වැඩ විසූ බාල වයස්කාර සාමණේර හිමිවරුන් සිවු නමකට බරපතළ ලිංගික අතවර සිදුකළ බව
කියන සිද්ධියක් සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂඥ පොලිස් විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් ගිහි සැකකරුවන් සිවු දෙනකු ඊයේ (07දා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අවුරුදු 10,13,14 හා 16 යන වයස් කාණ්ඩවල පසුවන බාලවයස්කාර සාමණේර හිමිවරුන් සිවුදෙනකු එසේ බරපතළ ලිංගික අතවරයට ලක්ව ඇති බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සිවු දෙනා නොයෙකුත් විෂමාචාර ක්‍රියාන්වල යෙදෙන්නන් බවත් ඔවුන් එකී හිමිවරුන්ට මත්ද්‍රව්‍ය හා මත්පැන් පොවා ජංගම දුරකථන ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශනද පෙන්වමින් එකී අතවර කර ඇති බවත් අනාවරණය වෙයි.

මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලකට අනුව එම අධිකාරියේ සභාපති එච්.එම්. අබේරත්න මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ විශේෂ පොලිස් ඒකකය මඟින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

-කුමුදු උපුල් ශාන්ත-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment