සිරිසේනගේ ‘සුරක්ෂා’ ගැන තීන්දුව ආපසු හැරෙයි.


පාසල් සිසුන් සඳහා මේ වසරේ ක්‍රියාත්මක කිරිමට යෝජිත සුරක්ෂා  රක්ෂණ වැඩසටහනට අදාළ ටෙන්ඩරය පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලයට පැවරීමට නැවත වරක් තීරණය කර තිබේ. 

මෙම ටෙන්ඩරය අවලංගු කරන්න‘යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 6 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී නියෝග කළ නමුත් පසුව ඒ ගැන සාකච්ඡා කිරීම 7 වැනිදාට කල්දමන ලදි. නවතම වාර්තා අනුව ඊයේ පැවැති රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කැබිනට් මණ්ඩලයට පැවරීමට නැවත වරක් තීරණය කර තිබේ. 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්, ජනාධිපති විමර්ශන ඒකකයේ නිලධාරීන්, මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment