ඩොලර් බිලියන 5ක සෘජු ආයෝජනයෙන් හම්බන්තොටට ව්‍යාපෘති 2ක්!

දසදහසකට පමණ රැකියා අවස්ථා සපයා දෙන ඩොලර් බිලියන පහක සෘජු විදේශ ආයෝජන යටතේ හම්බන්තොට දැවැන්ත ව්‍යාපෘති දෙකක් මේ මාසය අවසන් වෙද්දී ආරම්භ කරන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා පැවැසීය.

සිමෙන්ති සහ ඉන්ධන පිරිපහදු දෙකක් වන මේ සෘජු විදේශ ආයෝජනයන්ට අදාළ සියලුම විස්තර තව නොබෝ දිනකින් අනාවරණය කරන බවත් පැවැසූ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා තව මාස කිහිපයකින් ඩොලර් බිලියනයක් පමණ වටිනා වානේ අපනයන කම්හලක් ත්‍රිකුණාමලයේ දී ආරම්භ කරන බවත් අවධාරණය කළේය.

රටේ සෑම පළාතකම අපනයන ආදායම් ඉලක්ක කරගත් දැවැන්ත සංවර්ධනයක් රට තුළ ඇරැඹීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බවත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා මේ බව පැවැසුවේ ඊයේ (8) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

සෘජු විදේශීය ආයෝජන තුළින් වසර 2017 දී ලබා ගත්තේ ඩොලර් බිලියන දෙකයි දශම තුනයි හතක් බව පැවැසූ නියෝජ්‍ය ඇමැති බණ්ඩාර මහතා හම්බන්තොට ඇරැඹෙන මේ ව්‍යාපෘති දෙකෙන් පමණක් ඩොලර් බිලියන පහක සෘජු විදේශ ආයෝජන ලබාගැනීමට හැකි වී තිබෙන බවත් සිහිපත් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment