විවාහ ලියාපදිංචියට යන අතරේ වාහන තුනක ගැටී අනතුරක්

වාහන හතරක් එකිනෙක ගැටි බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී අනතුරකින් ඥාති සහෝදරයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. තුවාල ලද එක් අයකු වන 26 හැවිරිදි තරුණයාගේ විවාහය
ලියාපදිංචිය 14 දිනට යෙදී තිබිණ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුත්තක් කර ගැනීමට අම්බලන්ගොඩ සිට පිළියන්දල ඥාති සහෝදරයකුගේ නිවෙසට  යතුරුපැදියක යමින් සිටියදී  මෙම අනතුර වී ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

තුවාලකරුවන් දෙදෙනා කළුතර දෙස සිට බණ්ඩාරගම දෙසට යතුරුපැදියකින්  පැමිණෙමින් සිටියදී එම දිශාවටම පසුපසින් ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් අනතුර වී තිබේ. අනතුරට සමඟ යතුරුපැදිය මාර්ගයේ වම් අත දිශාවට ඇදීගොස් නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති අතර මෝටර් රථය දකුණු දිශාවට ඇදීගොස් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරියක පිටුපස රෝදයේ ගැටී නතර වී ඇත. අනතුරින් පාදවලට බරපතළ තුවාල ලද යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා බණ්ඩාරගම දිසා රෝහල වෙත යොමුකළ බව ප්‍රදේශවාසීහු පැවැසූහ. මෝටර් රථය පැද වූ කොරලඉම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා මත්පැන් පානය කර සිට ඇතැයි වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

-එම්.සී.පෙරේරා-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment