කිතුනු දේවස්ථාන හා සුපිරි හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා වැල්ලම්පිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් නව දෙනෙකු ලබන 06 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
වැල්ලම්පිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් පිරිස අද(22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්න සාලිය අබේරත්න මහතා ඉදිරියට පමුණුවන ලැබුවේය.
මෙම සැකකරුවන් නව දෙනා අතරට මුස්ලිම් ජාතිකයින් හත් දෙනෙකු සහ එක් සිංහල ජාතිකයකු මෙන්ම දමිළ ජාතිකයකු ද ඇතුළත් වුණි.
Shangri-La සැකකරුවන් හඳුනාගනී
වැල්ලම්පිටියේ පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ඊයේ(21) දින කොළඹ Shangri-la හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සැකකරු සහ දෙමටගොඩ ප්‍රදේශයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මියගිය කාන්තාවන් දෙදෙනාට අයත් කර්මාන්තශාලාවක් වැල්ලම්පිටිය අවිස්සාවේල්ල පාරේ පවතින බවයි.
මෙම සැකකරුවන් පිරිස එම කර්මාන්තශාලාවේ සේවය කර ඇති බවත් සඳහන් කළ පොලීසිය මොවුන්මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් සමඟ සම්බන්ධතා පවත්වමින් මෙම අපරාධයට දායකවී තිබේ ද යන්න සොයා බැලීම සඳහා මොවුන් අත්අඩංගුවට ගත් බව ද ප්‍රකාශ කළේය.
රහස් පොලීසිය හා ත්‍රස්ත මර්ධන කොට්ටාශයේ සමඟ එක්ව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියා සිටියේය.
මෙම සැකකරුවන් අපරාධයට සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා මොවුන් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසත් දුරකථන ඇමතුම් පිලිබඳව විස්තර වාර්තාවක් ලබා ගැනීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
දෙමටගොඩ ප්‍රදේශයේදී මියගිය කාන්තාවන් දෙදෙනා Shangri-la හෝටලයේදී මරාගෙන ප්‍රහාරය එල්ල කළ සැකකරුගේ බිරිඳ සහ සහෝදරියක් බවට පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද පොලිසිය ප්‍රකාශ කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර පොලිසිය ඉල්ලා සිටින දුරකථන විස්තර ඇමතුම් වාර්තා කැඳවීමට ද අවසර ලබාදුන්නේය.
Home
/
Political News
/
බෝම්බ පිපිරීම සිද්ධියේ සැකකරුවන් 9ක් රිමාන්ඩ්: Shangri-La සැකකරුවන් හඳුනාගනී.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment