මරණ දඩුවම එපා - යුරෝපා සංගමය බල කරයි.
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතු බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය යලි මෙරට නායකයන්ට අවධාරණය කර තිබේ.
එහිදී යුරෝපා සංගමය සඳහන් කර ඇත්තේ 2018 දෙසැම්බර් මස පැවති 73 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී එකඟවූ ආකාරයෙන් ශ්‍රී ලංකා රජය මරණ දඩුවම ඉදිරියටත් අත්හිටුවීමට කටයුතු නරනු ඇතැයි තම සංවිධානය අපේක්ෂා කරන බවයි.
ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව, නෝර්වේ, හා ස්විට්සර්ලන්තය යන රටවල තානාපති කාර්යාල එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන මහකොමසාරිස් කාර්යාලවල එකඟතාව අනුව එම සංගමය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා රජය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ප්‍රතිපත්තියට අනුකූලව වසර 43 කට පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා මෑතකදී කටයුතු කරමින් සිටින බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය පවසති.
සීඝ්‍රයෙන් වර්ධනය වන මත්කුඩු ජාවාරම ලොව පුරා රාජ්‍යයන් මුහුණ දෙන බරපතල ගැටළුවක් බවත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පිළිගන්නා බවත් යුරෝපා සංගමය පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් මරණ දඩුවම යනු ඒ සදහා වන ඵලදායී ප්‍රතිකර්මයක් යන්න සනාථ වී නොමැති තර්කයක් වන අතර මත්කුඩු උවදුරට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධව ඇති අත්දැකීම් බෙදාහදා ගන්නට ඔවුන් සූදානම් බව නිවේදනය මගින් පෙන්වාදී ඇත.
කෙසේ වුවද මේ වන විට මරණ දඩුවම ස`දහා අල්ගෝසුවකු තෝරා ගැනීමට අවශ්‍ය සම්මුඛ පරීක්ෂණද පවත්වා ඇති අතර තවමත් ඒ සදහා කිසිවකු තෝරා ගෙන නැත. ජනාධිපතිවරයා කුමන හේතුවක් නිසා හෝ මරණ දඩුවම අහෝසි නොකරන බවද මීට පෙර පවසා තිබුණි.
0 comments :
Post a Comment