Youth With Talent අවසන් මහා තරඟයට බාල්දියක්!

ස්වාධීන රූපවාහිනී සේවය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන "Youth With Talent" තරඟාවලියේ තුන්වෙනි අදියරේ අවසන් මහා තරඟය, පසුගියදා (06) ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම වැඩසහන ස්වාධීන රූපවාහිනිය විසින් රාත්‍රී 07 සිට සජීවීව විකාශය කරනු ලැබිණි. 

ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍ය විකාශනයට අමතරව කේබල් සහ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගනිමින් දේශීය නාලිකා විකාශය කරනු ලබන ආයතන විසින්ද අදාළ විකාශනය සිදුවිය.

කෙසේ නමුත් ඊයේ (06) දින "Youth With Talent" අවසන් මහා තරඟය PEO TV  විකාශය තුලින් විකාශය කරන අවස්ථාවේදී ඊට විශාල වශයෙන් බාධා ඇතිවී ඇති බව අප වෙත වාර්තාවේ. PEO TV හි නාලිකා අංක 03 ඔස්සේ ස්වාධීන රූපවාහිනී සේවය විකාශය කරනු ලබන නමුත් ඊයේ දින රාත්‍රී 07.30 සිට මෙම රියැලිටි වැඩසහනේ හඬ (Audio) නොඇසී ගොස් ඇති අතර එය යථාතත්වයට පත්කිරීමක් සිදුනොකොට ඇති අතර රාත්‍රී 10 පමන ආසන්න වෙත්ම දසුන් (Visuals) විකශයටද බාධා පැමිණි ඇත. ප්‍රථමයෙන් හටගත් හඬ නොඇසි යාමේ ගැටලුව PEO TV ආයතනය විසින් යථාතත්වයට පත්නොකොට ඇති අතර, ඒ අතරම දර්ශන විකාශනයද ඇනහිටීමට ලක්ව තිබීම ඉතා ගැටලුකාරී තත්වයක් වන අතර එමගින් PEO TV තුලින් ස්වාධීන රූපවහිනිය නරඹන ජනතාවට විශාල අසාධාරණයකට මුහුණදීමට සිදුව ඇත. 

මේ පිලිබඳ PEO TV ආයතනයෙන් කල විමසීම් අවස්ථාවලදී ඔවුන් ලබාදී ඇති පිළිතුර වනුයේ සජීවී විකාශය තුලින් PEO TV විකාශනාගාරයට ලැබෙන සජීවී දර්ශන (live Feed) වල ඇති ගැටළුවක් බව පවසමින් එය යථාතත්වයට පත්කිරීමට නොසැලකිලිමත් බවක් දක්වා ඇත. කෙසේ වෙතත් PEO TV විකාශය සඳහාද සෙසු විකාශනයන්ට මෙන් ඉතා වේගවත් සහ ආරක්ෂාකාරී අයුරින් සජීවී දසුන් ලබාදීමට ස්වාධීන රූපවාහිනිය කටයුතු කර ඇති බවද සඳහන් වේ.

ස්වාධීන රූපවාහිනි සාමාන්‍ය විකාශය, වෙබ් විකාශය, facebook විකාශය මෙන්ම Dialog TV විකාශය ඇතුළු අනෙකුත් සියලු ආකාරයේ විකාශයන් පවා සාමාන්‍ය පරිදි සිදුකෙරෙද්දී PEO TV තුලින් පමණක් මෙවැනි ගැටළුවක් මතුවීම ඉතාමත් ගැටලුකාරී තත්වයක් බව තාක්ෂණික ප්‍රධානීහු මෙම කරුණ ප්‍රශ්න කරති. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment