මහින්ද - මෛත්‍රී අයවැය සාකච්ඡා අසාර්ථකයි.


හෙට(05) දිනයේ පැවැත්වීමට නියමිත අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර පැවැත්වූ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී ඇත.

පසුගිය 2 වැනිදා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අයවැයට ඡන්දය ලබාදීම සම්බන්ධව සාකච්ඡා පැවති අතර ඒවාද එකඟතාවයකින් තොරව අවසන්වී තිබිණි. අයවැයට ඡන්දය ලබාදීම සම්බන්ධ අවසන් තීරණය අද ගැනීමට නියමිතව තිබූ නමුත් දෙපාර්ශ්වය අතර සාකච්ඡා එකඟතාවයකට පැමිණ නැත.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණු පාර්ශ්වය මේ වනවිටත් අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව මාධ්‍යට පවසා තිබේ.

අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා අංක 01 කාමරයේදී සාකච්ඡා පැවති අතර එයට දයාසිරි ජයසේකර, උදය ගම්මන්පිල, දුමින්ද දිසානායක, විමල් වීරවංශ, මහින්ද අමරවීර යන මන්ත්‍රීවරු සාකච්ඡා සඳහා එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment